ගුරු විභාගයට අතුරු තනහම් නියෝගයක්

ගුරු විභාගයට අතුරු තනහම් නියෝගයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය (23) දින අතුරු තනහම් නියෝගයක් නිකුත් කළේ ය.

උපාධිධාරීන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙහිදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ, විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු, අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.