මෙම රාජ්‍ය අයතන විකුණා දැමීමට සැරසෙයි

මෙම රාජ්‍ය අයතන විකුණා දැමීමට සැරසෙයි

ටෙලිකොම්, ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය නිවේදනය කර ඇත.

ඒ අනුව කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව වන්නේ,

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම
  • ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
  • සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ෆ්‍රැන්ඩ් හයට් )
  • හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
  • සී/ස ලිට්‍රෝ ගැස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
  • ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී. යන ආයතනවල කොටස් අයිතිය එලෙස පැවරීමට තීරණය කර ඇති බවයි.