රාජ්‍ය සේවකයින්ට අදාල තවත් චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අදාල තවත් චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් අද (26) නිකුත් කර ඇති බවය.

මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.