මෙදා මැයි දිනයට ඇත්ත අරගලය වෙනුවෙන් අපත් එක්ක එකතු වෙන්න - රවි කුමුදේස්

මෙදා මැයි දිනයට ඇත්ත අරගලය වෙනුවෙන් අපත් එක්ක එකතු වෙන්න - රවි කුමුදේස්

අපේ රටේ ශ්‍රම බලකායට ස්මාර්ට් වැඩ්ඩන් වෙන්න බැරි වෙලා තියෙන්නේ පාලකයන්ගේ නූගත්කම නිසා මිස, කම්කරු පනත නිසා නෙවේ. කම්කරු අමාත්‍යංශය, රැකී රක්ෂා අමාත්‍යාංශයක් කරලා, රටේ ශ්‍රම බලකාය ස්මාර්ට් කරනවා කියන අදහසම ස්මාර්ට් නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සම කැඳවුම්කරු රවි කුමුදේස් මහති පවසා සිටියා.

ඔහු ඒ බව පවසා සිටියේ මැයි දිනයට සුදානම පිළිබඳව ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේ පැවැති "එක්වෙමු" වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ස්ටයිල් එකක් විදිහට, හැම එකක් ඉස්සරහටම ස්මාර්ට් කෑල්ල දා ගත්තාම, එහෙම නැත්තං AI කෑල්ල දා ගත්තාම, මොඩ් වෙනවා කියලා හිතාගෙන ඉන්න ඇතැම් පා,කයන් ස්මාර්ට් කියන්නේ මොකද්ද කියලාවත් හරියට තේරුම් අරගෙන නෑ.

නිශ්චිත නැති, මැනිය නොහැකි, ළඟා කර ගත නොහැකි බව බැලූ බැල්මට පෙනෙන, අදාළ සහ කාල සීමාව කවුරුත්ම දන්නේ නැති, ඔය කියන කම්කරු පනත වෙනස් කිරීමේ ව්‍යාපෘතියම ස්මාර්ට් නැති බව දැනටමත් තහවුරු වෙලා ඉවරයි.

අපේ රටේ ශ්‍රම බලකායට  ස්මාර්ට් වෙන්න බැරි වෙලා තියෙන්නේ පාළකයෝ ස්මාර්ට් නැති නිසා. ඔවුන්ට රට වෙණුවෙන් ඉලක්ක නැති නිසා. සල්ලිවලට එහෙ මෙහෙ පැන පැන ඉන්න අයට නිශ්චිත දේශපාළණ ඉලක්කයක් නැති නිසා. කියන දේවල් කරන්න පුළුවන් ඒවාද කියලාවත් මැනලා බලලා නැති නිසා. කයිවාරුවට කියනවා හැර කවදා කොහොම කරනවාද කියලා හිතන්නෙවත් නැති නිසා.

මෙවර කම්කරු දිනයේ සිට අපි  අරගලය කරන්න ඕනේත්, පාලකයන්ගේ සහ පාලනයේ නොදැනුවත්කම නිසාත්, පාළකයන්ගේ නාස්තිය, දූෂණය, හොරකම නිසාත් අර්බුධයට ලක් වෙලා තිබෙන රටේ ශ්‍රම බලකාය, ඒකෙන් බේරා ගැනීම සඳහායි.

මෙවර මැයි දිනයේදී, ස්ටැන්ලි ජෑන්ස් පිටියට එකතුවෙන, ඇත්ත වෘත්තීය සමිති සහ සංවිධාන ඒ වෙනුවෙන් අරගල කරන්න සූදානමින් ඉන්නවා යනුවෙන් අදහස් දක්වමින් පවසා සිටියා.