සෞඛ්‍ය වර්ජනය සතියකින් කල් යයි

සෞඛ්‍ය වර්ජනය සතියකින් කල් යයි

දිවයින පුරා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (28 දිනට) ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය ඉදිරි  සතියට කල් දැමූ බව එම සංධානයේ නියෝජිතයකු "වැඩබිම" ට පවසා සිටියහ.

ඒ (27) දින කොළඹදී රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය මේ වන විට දිවයින පුරා ප්‍රදේශවල ඇති වී තිබෙන බරපතල කාලගුණික  තත්ත්වය හා ආපදා  හේතුවෙන්  අද (28) දින උදෑසන 8ට  දිවයින පුරා රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ සේවාවෙන් ඉවත් වීමේ වර්ජන ක්‍රියාමාර්ගය ලබන සතිය දක්වා කල් දැමීමට තීරණය කරන ලද බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ අනුව ලබන සතියේදී එක් දින හෝ දෙදිනක සම්පූර්ණ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට මේ වන විට තීරණය කර ඇති අතර බ්‍රහස්පතින්දා දින ( 30) නැවත නායකත්ව මණ්ඩලය කැඳවා වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන දිනය ප්‍රකාශයට පත් කරන බව අද දිනයේදී තීරණය කරන ලද බවත්, අදාල බලධාරීන් මේ වනතුරුත් මෙම ගැටළුවට අදාළව විසඳුම් ලබාදීමට කටයුතු කර නොමැති  අතර ඉදිරියේදී සෞඛ්‍ය සේවාවේ ඇතිවන බිඳවැටීම්වලට මෙම නිලධාරීන් වගකිවයුතු බවත් වැඩිදුරටත් පවසා සිටියා.