නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගනු ලබයි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගනු ලබයි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (Free Media Movement) 2024-2025 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටුව 2024 මැයි 28 දින පැවැති වාර්ෂික මහා සභාවේදී තෝරාපත් කර ගන්නා ලදී.

ඒ අනුව,  නිලධාරී මණ්ඩලය ලෙස කැඳවුම්කරු : හනා ඊබ්‍රහීම්, ලේකම් : ලසන්ත ද සිල්වා, භාණ්ඩාගාරික : තාහා මුසම්මිල් හා උප ලේකම් : නිරන්ජනී රෝලන්ඩ් තෝරාපත් කරගත් අතර, විධායක කමිටුව සඳහා ආනන්ද ජයසේකර, සීතා රංජනී, උදය කළුපතිරණ, ජාවෙඩ් මුනව්වර්, ටී.එම්.ජී. චන්ද්‍රසේකර, සුජීව සෙනරත්, සුනිල් ජයසේකර, චන්ද්‍රසේකර දොඩාවත්ත, දිලීෂා අබේසුන්දර තෝරාපත් කර ගන්නා ලදී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ භාරකරුවන් ලක්ෂමන් ගුණසේකර හා ශාමිණී බොයිල් යන අය තෝරගන්නා ලද අතර, වාර්ෂික මහා සභාව ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.