දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

පසුගිය ජුනි 07 වෙන දින රාත්‍රී 12.00 සිට දුම්රිය දෙපරේතමේන්තුවේ, ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය විසින් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද (10) දින ප්‍රවාහන අමාත්‍යවරයා හා අමාත්‍යංශ ලේකම්තුවරයා අතර පැවති සාකච්ඡාවේ දී සියළු ඉල්ලීම් පිළිබඳ යහපත් ප්‍රතිචාර්යක් ලැබුණු බව එම සංගමයේ ප්‍රකාශකයෙක් වැඩබිම සමග පැවැසීය

ඒ අනුව මේ දක්වා එම ලිපි සකස් නොකර ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටද වැරදිකරුවන් හට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද අමාත්‍යංශ ලේකවරයා විසින් නියෝග කරන ලදී බවත්,එලෙසම RM වැටුප් කේතයට අනුව බඳවා ගැනීම් පටිපාටි සකස් කොට බඳවා ගැනීම් කඩිනම් කරන ලෙසටද,එයට අදාළව එළඹෙන සතියේ විශේෂ සාකච්වඡාක් ලබාදීමටද තීරණය කරන බව ඔහු වැඩිදුරටත් වසා සිටියා.

ඒ අනුව සියලු දුම්රිය රියදුරන් සියලු දෙනාම සේවයට වාර්තා කරන ලෙසට ඉල්ලා සිටි අතර දුම්රිය ධාවනය හෙට (11) පෙරවරුව වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.