නිදහස් වෙළඳ කළාපයේ කඳුළු කතාවක්

නිදහස් වෙළඳ කළාපයේ කඳුළු කතාවක්

නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවිකාවන් කිහිප දෙනෙකුගේ කඳුළු කතාවක් අපට දැන ගැනීමට හැකි වුණි.

මෙම සේවිකාවන් කටුනායක නිදහස් වෙළඳ කලාපයට පැමිණියේ බොහෝ කලකට පෙරය. මෙහි පැමිණි දා සිටම ඔවුන් නැවතී සිටීමට කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක් කරා ගොස් ඇත. එම නේවාසිකාගාරය හිමියන් ඔහුන්ට අවම නේවාසිකාගාර පහසුකම්වත් සපයා දීමට අපොහොසත් වී ඇත. මෙම බෝඩිං හිමියන් මාසයේ නියමිත දිනයට බෝඩිං ගාස්තු, ලයිට් බිල්, වතුර බිල් ප්‍රමාද නොකර ඔවුන්ගෙන් ලබා ගැනීම් සිදුකරන අතර අවම වශයෙන් ගෑස් ලිපක්වත් පාවිච්චි කිරීමට ඔවුන්ට ඉඩ ලබා දී නොමැත. එයට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ මීයන්ගෙන් වන හානිය බවයි. මෙයට විකල්ප ක්‍රමයක් භාවිතා කිරීමට අද සමාජයේ මොනතරම් ඉඩ අවකාශය තිබුණත් එම බෝඩිම් හිමියා කිසිසේත්ම එයට ඉඩ ලබා දෙන්නේ නැත. ඔවුන් කිසිම වගකීමකින් තොරව කටයුතු කරන බවත්ය.

මෙම නේවාසිකාගාර සේවකයින්ට සුදුසු ආරක්ෂිත නේවාසිකාගාරයක්ද යන පැනය අපහට පැනගුනි. මෙහිදි අප දුටු හදකකියන දසුනක්නම් මෙවන් අධික දාහකයක් පවතින කාලයක වුවද මෙම අමානුෂික බෝඩින් හිමියන් විසින් ඔවුන්ට විදුලිපංකාවක් පාවිච්චි කිරීමට නොදිමයි. අප නොදන්නා මෙවැනි නේවාසිකාගාර කොපමණ ප්‍රමාණයක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තව ඇති ද ?

RED