දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සවස සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට ?

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සවස සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට ?

එකම සේවා ගණයට අයත්ව සිටී දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය රියදුරු, අධික්ෂණ කළමනාකරුවන් යන ශ්‍රේණීවලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය සිතාමතා මහැර අනෙකුත් ශ්‍රේණි සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම මගින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත්, මෙම අසාධාරණය නිරවුල් කරන ලෙස ඉල්ලා සිටියත් මේ සම්බන්යෙන් බලධාරින් දැනුවත් කළත් මෙතෙක් කිසිඳු විසඳුමක් නොලැබීම හේතුවෙන් අද (14) ) පස්වරු 2.00 පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රකාශකයෙන් “වැඩබිම“ සමග පැවැසීය.

එම ක්‍රියාමාර්ගය අද සවස සංගමයේ නිලධාරින් රැස්ව තීරණය කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.