වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් අගයයි

වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් අගයයි

නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් මහතාගේ පනස් වසරක  වෘත්තිය සමිති දිවිය නිමිත්තෙන් පවත්වන කතිකාවක් අද (17) දින  කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

මෙම උත්සවයේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා හා නවසීලන්තයේ ‘ෆස්ට් යුනියන්’ හි හිටපු සභාපති හා ප්‍රධාන ලේකම් වන රොබට් රීඩ් මහතා විසින් මෙහිදී ආරාධිත දේශන පවත්වනු ඇති අතර, දේශපාලන විචාරක හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් රචිත  ‘සීමා මායිම් නැති මානවවාදියා’  හා එහි ඉංග්‍රීසි අනුවාදය ‘Humanist Without Borders’ නමින් මෙම කතිකාවේදී එළිදක්වනු ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයන් සහ සමාජ ක්‍රියාකාරින් හට මෙම උත්සවයට ආරාධනා කර ඇත.