වෛද්‍ය චමල්ට හා වෛද්‍ය ජයරුවන්ට රෝහල් අධ්‍යක්ෂක තනතුරු ලබා නොදීමෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් අර්බුදයක

වෛද්‍ය චමල්ට හා වෛද්‍ය ජයරුවන්ට රෝහල් අධ්‍යක්ෂක තනතුරු ලබා නොදීමෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් අර්බුදයක

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදී ලද කුසලතා පදනම මත රෝහල අධ්‍යක්ෂක තනතුරු ලබාදීමේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් අභ්‍යන්තර විමර්ශන පවත්වන රෝහල් අධ්‍යක්ෂකවරුන් සඳහා පත්වීම් ලබාදීම අත්හිටුවීමේ ක්‍රමය අනුගමනය කිරීම නිසා විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව සහ ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන්ට රෝහල් අධ්‍යක්ෂක තනතුරු ලබාදීම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ට සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.

මීට පෙර පැවති පිළිගත් ක්‍රමය අනුව අභ්‍යන්තර විනය පරීක්ෂණ අවසාන වන තුරු තාවකාලිකව වැඩ බැලීමේ පදනම මත ක් නියමිත සම්මුඛ පරීක්ෂණයේදී හිමි කුසලතා ස්ථානය ලබාදීම හෝ තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රමය අනුගමනය කළද මෙවර සම්පූර්ණයෙන්ම පත්වීම් ලබාදීමේ ලේඛනයෙන් ඉහත වෛද්‍යවරුන්ගේ නම් ඉවත් කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙවන ලේඛනයක් නිකුත් කිරීමටද සිදුවිය.

කෙසේ වුවත් මේ දක්වා විශේෂඥ වෛද්‍ය ජී.ජී චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන තනතුරු ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාසය තුළ කඹ ඇදීමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. වෛද්‍ය ජයරුවන්  බණ්ඩාර මහතාට රුධිර බැංකුවේ නියෝජ්‍යත්ව තනතුර ලබාදීමට එකඟතාවය පළ කර තිබූ නමුත් සෞඛ්‍ය ලේකම්වරයා විසින් එය වෙනස් කර ඇති බව වාර්තාවේ.

දිවයිනේ  ප්‍රධාන පෙළේ රෝහල් රැසකම රෝහල් අධ්‍යක්ෂක තනතුරු හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තනතුරු පුරප්පාඩු වී පවතිද්දී ඉහත වෛද්‍යවරුන් සඳහා දුරස්ථ රෝහල් ලබා දීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද වාර්තාවේ.

මේ සම්බන්ධව අප කළ විමසුම දී පිළිතුරු දුන් විශේෂඥ චමල් සංජීව මහතා ප්‍රකාශ කලේ තම අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන තනතුරක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාශය  කටයුතු කළහොත්  තමන් නීතිමය පියවර ලබාගන්නා බවයි.

එසේම පාරේ සටන් හුරු මෙම අසාධාරණය රමෙෂ් පතිරණ අමාත්‍යවරයාගේ පාලන කාලයේ සිදුවීම ගැන කණගාටුවන බවත් තමාට වර්තමාන සෞඛ්‍ය පරිපාලනයට එරෙහිව වෙනම සටනක් ආරම්භ කිරීමට සිදුවන බවද සඳහන් කළේය.