පහරදීමට විරෝධය දක්වා ගුරු-විදුහල්පති අදත් අසනීප නිවාඩු

පහරදීමට විරෝධය දක්වා ගුරු-විදුහල්පති අදත් අසනීප නිවාඩු

වැටුප් විෂමතාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පතිවරුන්ගේ  ඊයේ (26) දින පැවැති විරෝධතාවයට පොලීසියෙන් කළ පහරදිමට විරෝධය දක්වමින් අද (27) දිනද අසනීප වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා "වැඩබිම" කල වීමසීමේදී ප්‍රකාශ කර සිටීයේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ පොලීසිය මෙම පහරදීමේ ගුරුවරුන් දෙදෙනකුගේ ඇස් තුවාල වී ඇස් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත්, ඔවුගේ ඇස් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවත් පවසා සිටී.

රජය ඉදිරියේදී මෙම ගුරු-විදුහල්පති ප්‍රශ්නවලට නිසි පිළියම් ලබානොදුනහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්