මැතිවරණය සමයක් තුළ පත්කිරීම් වහාම නවතන ලෙස මැතිවරණ කොමිෂමට ෆැපරල් වෙතින් ඉල්ලීමක්

මැතිවරණය සමයක් තුළ පත්කිරීම් වහාම නවතන ලෙස මැතිවරණ කොමිෂමට ෆැපරල් වෙතින් ඉල්ලීමක්

පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් ෆැපරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යවමින් මැතිරණ සමයක් තුළ එම තනතුරුවලට පත්කිරීම් එම තනතුරක් දරන්නකු මැතිවරණයක් ක්‍රියාත්මක බව දැන දැනම එහි අපේක්ෂකත්වය ලැබූ අයට මෙවැනි පත්වීම් ලබාදීම බරපතල වරදක් වන අතර තමන් අපේක්ෂකයන් බව දැන දැනම එම පත්වීම් බාරගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම මහජන නියෝජනත්වය කෙරෙහි මහජන අප්‍රසාදය ඇතිකරවීමටද  නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමටද බාධාකාරී වන්නක් බව බව එම ලිපියේ සඳහන් කරයි කරයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ මොහොත වන විට මුලු රටම ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිෂන් සභාවට ජූලි මස 17 වන දිනෙන් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල හැකිය. එමෙන්ම ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව හා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ වන විටත් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත.

එමෙන්ම නීතියට අනුව පළාත් පාලන මැතිවරණය මේ මොහොතේත් ක්‍රියාත්මකය. ඒ අනුව මැතිවරණ දෙකක් සඳහා රට සූදානමින් සිටියි.

එහෙත් මේ මොහොතේ රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුකරයක්ද ගොනුකර ඇත. එම නඩුකරය මගින්ද මූලික වශයෙන් අවධාරණය කර ඇත්තේ, ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් 2024 අප්‍රේල් 29 දාතමින් යුක්තව නිකුත් කෙරුණු PS/SB/Circular/5/2024  දරණ චක්‍රලේඛය අනුව ඉදිරියේදී පත්කිරීමට යෝජිත පුරවැසි උපදේශන කමිටු පත්කිරීමේදී දේශපාලන ක්‍රියාධරයින් ඒ සඳහා පත්නොකරන ලෙසත් එලෙස පත්කිරීමට යෝජිත නියෝජිතයින් තෝරාගැනීම සඳහා නිර්ණායක සකසන ලෙසත් එම පත්කිරීම ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයින් වන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත්වීමකින් තොරව දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදුකරන ලෙසත් සංවර්ධන හා සුබසාධන කටයුතු සිදුකිරීමේදී දේශපාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයකින් තොරව රාජ්‍ය නිලධාරීන් මගින් මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛ/උපමාන වලට අනුකූලව සිදුකරන ලෙසත්ය.

එහෙත් මීට අදාල නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති අවස්ථාවක පවා ඒවා මගහැර යමින් හා නොසලකා හරිමින් දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් විසින් පළාත් පාලන ආයතන වලට ආණ්ඩුකාරවරයාගේ  සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ නියෝජිතයින් ලෙස දේශපාලනඥයින් පත්කරමින් සිටින බව වාර්තාවේ. මෙම පත්කිරීම් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙනීයන්නේ මෙම පත්කිරීමේ ලිපි ලබාදී ඇත්තේ පෙරදාතම (මාස එකහාමාරකට වැඩි කාලයක්) :ඊ්ජන ෘ්එැ* යොදමින් ඊයේ දිනයේදී බවයි. එමෙන්ම ආණ්ඩුකාරවරයා  වැඩ බාරගැනීමට පසු දිනම මෙම පත්වීමේ ලිපි ලබාදී තිබීම පුදුම එළවන සුලුය.

මෙයින් පෙනීයන්නේ ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛය අභියෝගයට ලක්ව ඇති බැවින් එය මගහැර යාමට පෙරදාතම යොදමින් මෙම ලිපි නිකුත් කර ඇති බවයි. එය කිසිසේත්ම ආණ්ඩුකාරවරයෙක් වැනි ගරු කටයුතු තනතුරකට සුදුසු නොවන බවද මෙහිදී අවධාරණය කල යුතුය.

ඒ අනුව දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා මෙවර අංක 14 වැවුරුකන්නල කොට්ඨාශය සඳහා නිදහස් ජනතා පෙරමුණෙන් තරඟ වදිනු ලබන හිටපු සභාපති කිත්සිර මුතුකුමාරණ මහතා, අකුරැස්ස ප්‍රාදේශීය සභාවට අංක 08 අකුරැස්ස කොට්ඨාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදිනු ලබන හිටපු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා, දෙවුන්දර ප්‍රාදේශිය සභාවට අංක 07 කපුගම කොට්ඨාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදිනු ලබන සුජීව වෙදගේ මහතා ඇතුලු අපේක්ෂකයින් කණ්ඩායමකට මෙලෙස ආණ්ඩුකාර කාර්යාලයෙන් ඉටුකරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබඳව සොයාබලා කටයුතු කිරීම වෙනුවෙන් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීමට පත්වීම් ලිපි ලබාදී ඇත. ආණ්ඩුවේ සුබසාධන හා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා කරන මෙවැනි පත්වීම් හරහා එක් දේශපාලන පක්ෂයක් හා අපේක්ෂකයෙක්/අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීම නොවැළැක්විය හැක. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය දේපළ හා රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපමාන පැහැදිලි ලෙසම උල්ලංඝනය වෙයි.

විධායකයේ පළාත් නියෝජිතයා වශයෙන් කටයුතු කරන පළාත් ආණ්ඩුකාරවරයා එම තනතුරට පත්වන අවස්ථාවේදීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටින අතර  එවැනි තනතුරක් දරන්නකු මැතිවරණයක් ක්‍රියාත්මක බව දැන දැනම එහි අපේක්ෂකත්වය ලැබූ අයට මෙවැනි පත්වීම් ලබාදීම බරපතල වරදක් වන අතර තමන් අපේක්ෂකයන් බව දැන දැනම එම පත්වීම් බාරගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම මහජන නියෝජනත්වය කෙරෙහි මහජන අප්‍රසාදය ඇතිකරවීමටද  නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමටද බාධාකාරී වන්නකි.

එබැවින් මේ සම්බන්ධයෙන් සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.