සෞඛ්‍ය ගැන විද්වත් කථිකාවක් මහවැලි කේන්ද්‍රයේ දී

සෞඛ්‍ය ගැන විද්වත් කථිකාවක් මහවැලි කේන්ද්‍රයේ දී

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයේ ද්වි වාර්ෂික සමුළුවට සමගාමීව පවත්වන සෞඛ්‍ය 2030 ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව විද්වත් සාකච්ඡාව සහ විශේෂ සංගීත සන්ධ්වනිය ලබන ජූලි මස 04 වන දා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ සංකල්පයක් මත පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා පක්ෂ විපක්ෂ දේශපාලකයන් රැසකට ආරාධනා කොට ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු දේශපාලකයින් රැසක් ද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද  ආරාධනා ලැබ ඇති මෙම විශේෂ සමුළුවේ දී මෙරට සෞඛ්‍ය පද්ධතිය ඉදිරි දශකයක ගමන් මග සම්බන්ධව පුළුල් විවෘත සංවාදයක් පැවැත්වීමට අපේක්ෂිත බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන භේදයෙන් තොරව නිවැරදි ප්‍රතිපත්ති සම්පාදනය අවශ්‍යතාවද ඉදිරි දශගයට ගැලපෙන පරිදි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා නව මානයන් හඳුන්වා දීම ගැනත් මෙහිදී විෂය ප්‍රවීණයන් අදහස් දැක්වීමට නියමිතය.

මහජන විශ්වාසය ගොඩනගමින් සෞඛ්‍ය සේවාව නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින් ආයෝජනයක් ලෙස ප්‍රවර්ධනය කරන අන්දමත්  සෞඛ්‍ය සේවාවේ තුළ දැනට පවතින අධික තදබදය අවම කර ගැනීම සඳහා ගත හැකි නම පියවරවල් සම්බන්ධවද විද්වතුන් අදහස් දැක්වීමට නියමිතය.

සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සියලු වෘත්තිය සමිතිද වෘත්තිය වේදීන්ගේ සංගම් රැසක් ද මෙයට සහභාගි වීමට නියමිතය.

මෙම විශේෂ කතිකාවකට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාද්‍ය මණ්ඩලය සහභාගී වන විශේෂ සංගීත සන්ධ්‍යාවක්ද පැවැත්වෙනු ඇත.