සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

 සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් අප සියලු දෙනා කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් විදිහට අපට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ සැප්තැම්බර් 17 වැනි දාට යෙදුන ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් හා සංවිධාන ශක්තියෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ රෝහල් වල කාර්ය මණ්ඩල වල සහභාගීත්වයෙන් මොනරාගල Capital Resot  හිදී පැවැත්වු අන්තර් රෝහල් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනට  පසුගිය දින සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, සෞඛ්‍ය සේවාව ලබාදීම රටක යුතුකම බවත්, සෞඛ්‍ය සේවය ලබා ගැනීම අපගේ යුතුකම බවත්ය. ඒ පිලිබදව පුරවැසියන් ලෙස අයිතිවාසිකමක් තිබෙන බව ද පැවසීය.

සෞඛ්‍ය සම්පන්නව සිටීම අයිතිවාසිකමක් වුවත්  රජයේ රෝහල් පද්ධතියක් තිබුණත් එයින් ප්‍රතිකාර නොගතහොත්, ලබා දෙන සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් නොපිලිපැද්දොත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට නොහැකි බවද කීවේය.

දුම්පානය නොකරන ලෙසට කොපමණ උපදෙස්, සෞඛ්‍ය අවවාද ජනතාවට ලබා දුන්නත් අප රටේ දුම්පානයෙන් වාර්ෂිකව 20,000 ක් විතර මරණයට පත්වන බවත්, මධ්‍යසාර භාවිතය නිසා සිදුවන මරණ මෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතයත් නිසා සිදුවන මරණ ප්‍රමාණයේ ද, යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ලෝකය පුරා මිලියන 134 ක් පමණ patient errors වාර්තාවන බවත් එයින් මිලියන 3 ක් පමණ මරණයට පත්වන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.