අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් සංගමය NLAC නියෝජනයක් ඉල්ලයි

අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් සංගමය NLAC නියෝජනයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ බහුතර නියෝජනය වන අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අයිතිවාසිකම් නොමැති අතර, ඔවුන් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය යේ සැළකිය යුතු මැදිහත් වීමක් අවශ්‍ය අතර ඒ සඳහා ජාතික කම්කරු උපදේශන සභාව තුළ අවිධිමත් අංශය සංවිධානය කරන වෘත්තීය සමිතියක් වන ප්‍රොටෙක්ට් සංගමය එහි නියෝජනයක් ඉල්ලා කම්කරු අමාත්‍යතුමිය වන හරිනි අමරසුරිය මහත්මිය වෙත ලිපියක් යවා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා ජාතික කම්කරු උපදේශන සභාවේ නියෝජනය ලබා ගැනීම

ප්‍රථමයෙන්මල ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යතුමිය සහ ප්‍රථම කම්කරු අමාත්‍යතුමිය ලෙස තේරී පත් වීම පිළිබඳව අප සංගමය සුභ පතන්නෙමු. එසේම කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා යහපත් රැකියා කොන්දේසි රට තුළ ඇති කිරීම සඳහා ගන්නා වූ ප්‍රතිපත්තිමය කාරණා සහ ක්‍රියාමාර්ග සඳහා අප සංගමයේ සහය ලබා දීමටද බලාපොරොත්තු වෙමු.

ප්‍රොටෙක්ට් සංගමය යනු ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සහ අවිධිමත් අංශයේ කම්කරුවන් සංවිධානය කිරීමද අරමුණු කරගත් වෘත්තීය සමිතියකි. ඒ අනුව 2017 වසරේ සිට අප ගෘහස්ථ කම්කරුවන් ඇතුළු අවිධිමත් අංශයේ රැකියාවල නියුතුවූවන් සංවිධානය කරමින් සිටිමුග එසේම අප ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනයේ (IDWF) සාමාජිකයෙකු වන අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමගද සහයෝගයෙන් කටයුතු කරන නව්‍ය වෘත්තීය සමිතියකි.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ බහුතර නියෝජනය වන අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අයිතිවාසිකම් නොමැත. විධිමත් අංශයේ කම්කරුවන්ද අවිධිමත් රැකියා කොන්දේසි කරා තල්ලු කරමින් තිබෙන බැවින් ඉදිරියේදී මෙකී කම්කරු ප්‍රශ්න කරලියට එන බව නොකිවමනාය. ඔවුන් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය යේ සැළකිය යුතු මැදිහත් වීමක් අවශ්‍ය අතර මෙම තත්ත්වය තුළ ජාතික කම්කරු උපදේශන සභාව තුළ අවිධිමත් අංශය සංවිධානය කරන වෘත්තීය සමිතියක නියෝජනයක් පැවතීම අවශ්‍යතාවයක්ව පවතී. 

විශේෂයෙන්ම අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන් හඳුනා ගැනීමල ඔවුන්ව රට තුළ පිළිගැනීමට ලක් කිරීම, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන මගින් විධිමත් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම, සුළු ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන් නගා සිටුවීමට වැඩසටහන් හඳුන්වා දීමල දේශීය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳ පොළ අවකාශය පුළුල් කිරීම මගින් විදේශ විනිමය රට තුළට ගෙන ඒම සඳහා වැඩසටහන් සකස් කිරීම, විධිමත් රැකියා බවට පත් කළ හැකි රැකියා සඳහා නව කම්කරු නීති සකස් කිරීම හෝ පවතින කම්කරු නීති සංශෝධනය කිරීම මගින් ආවරණය කිරීමල අවිධිමත් අංශයේ රැකියා සඳහා නිපුණතාව අනුව රැකියා කළ හැකි මට්ටමකට සංවර්ධනය කිරීමල අවිධිමත් අංශය සඳහා විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු තවත් බොහෝ දෑ සිදු කළ යුතුව ඇති බව පෙනේඇතුළු තවත් බොහෝ දෑ සිදු කළ යුතුව ඇත.

මේ නිසා ජාතික කම්කරු උපදේශන සභාව තුළ එම අවිධිමත් අංශය නියෝජනය කිරීම වෙනුවෙන් ප්‍රොටෙක්ට් සංගමය වෙත අවස්ථාවක් ලබාදෙන මෙන් ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.