මුස්ලිම් කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් ගැන ප්‍රශ්ණ කරමින් ජනාධිපතිවරයා හා අගමැතිවරිය වෙත විවෘත ලිපියක්
පසුගිය වසර 40 පුරාවටම, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට මැදිහත්වීමට සියලු දේශපාලන පක්ෂ අසමත්ව තිබෙන බවත්, මෙම නීතියේ අනතර්ගත ගැඹුරටම මුල් විහිද ඇති පක්ෂපාතීන්වයන් සම්බන්ධයෙන් පියවර ගැනීම නොසලකා හරිමින් ජාජබ ද අනෙක් පක්ෂවල මාවතම තෝරා ගන්නේනම් එය හුදෙක් මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගරාගැනීම කෙරෙහි මිස සැබෑ වෙනසක් ඇති කිරීමේ වුවමනාවක් නොමැති පක්ෂයක් ලෙසද ජනතාව වෙත අනාවරණය වනු ඇති බව මුස්ලිම් පුරවැසියන් හා සිවිල් සංවිධාන ජනාධිපතිවරයා හා අගමැතිවරිය වෙත විවෘත ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.
2024 නොවැම්බර් 08
ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමිය වෙත විවෘත ලිපියක්
මුස්ලිම් කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට රජය බැඳී සිටියි. එය ඉටුනොකරන්නේ මන්ද ?
මෑතකදී පැවැත්වුනු මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් කියා සිටියේ 1951 මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමේ කිසිදු හේතුවක් ජාතික ජනබලවේග රජය නොදකින බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ මෙම නීතිය පිලිබඳ පවත්නා අදහස් හුදෙක් මතිමතාන්තර වන බවත් රජය ප්‍රකාශනයේ නිදහසට ගරු කරන බවත් ය. කිසිදු ගැඹුරක් නොමැති මේ ප්‍රකාශය මුස්ලිම් බුද්ධිමතුන්, වින්දිතයින් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරීන් අතරද විශාල ආන්දෝලනයක් ඇති කරනු ලැබ තිබේ. සිය භූමිකාවට වගවිය යුතුව ඇති ජාජබ රජය විසින් එවැනි අදහස්වලට පිලිගැනීමක් ලබාදීම පිලිගත නොහැක්කකි.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් රටේ සියලු පුරවැසියන්ට නීතිය ඉදිරියේ සමානව සැලකීම හා රැකවරණය සහතික කරන අතර එමඟින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සාධාරණ ආකාරයෙන් ක්‍රියාවට නැංවීව රජයේ වගකීමක් බවට පත්කරයි. මෙම වගකීම ආගමික නායකයින් වෙතට මාරු කිරීම මඟින් රජය කරන්නේ සිය වගකීම් පැහැර හැරීමකි. පනතේ පවත්නා පක්ෂපාතීත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාජබ රජය අවංකවම කැපවන්නේ නම්, විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙත එයින් ඇති කරන අයහපත් බලපැම් වැලැක්වීමට කවර පියවර අනුගමනය කළයුතු වන්නේද? පුරුෂමූලික ව්‍යුහ ආරක්ෂා කරන, කාන්තාවන් හා ගැහැණු දරුවන්ට වෙනස්කොට සලකන-දූෂණය සහ වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් නම් දරා සිටින-පිරිමින්ගෙන් පමණක් සමන්විත කාති ක්‍රමය අන්තර්ගත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි. තවද, කාති ක්‍රමය බදු ගෙවන්නන්ගේ මුදලින් නඩත්තු වන්නක් වන බැවින් එම ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ වගකීමකි. මෙම අසාධාරණ පරිචයන් තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ වගවීම ප්‍රශ්ණ කිරීම අයිතිවාසිකමක් පමණක් නොව අපගේ වගකීමක්ද වන්නේ මෙම රජය පත්වන්නේ සමානාත්මතාවය පිලිබද පොරොන්දුවක්ද සමගින් වන බැවිනි.
‘ප්‍රකාශනයේ නිදහස’ හෝ ‘සමාජ මතය’ යනුවෙන් දක්වමින් මෙම බරපතල ගැටලුව රජය විසින් සරළකරණය කිරීම පිලිගත හැකි ද? අමාත්‍ය විජිත හේරත් විසින් මාධ්‍ය වෙත පළකරන ලද වගකීම් විරහිත ප්‍රකාශය මුස්ලිම් කාන්තාවන් ලෙස අපි හෙලා දකිමු. තවද, මේ සම්බන්ධයෙන් ජාජබ මතය කුමක්දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. “කාන්තාවන් හා දරුවන්ට වෙනස්කොට සලකන හා ඔවුන්ට අතිරේක පීඩනයක් එල්ල කරන නීති සංශෝධනය” කරන බවට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජාජබ පොරොන්දු විය. එසේනම්, දැන් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කරන්නේ ඇයි?
මුස්ලිම් ඡන්ද ලබාගැනීම සදහා ජාජබ නම්‍යශීලී පිලිවෙතකට එලඹ තිබේද? ජාජබ සැබවින්ම මෙම නීතියේ බලපෑමට ලක්ව සිටින මුස්ලිම් කාන්තාවන්ගේ ඡන්ද ලබාගැනීමට අවංකවම කල්පනා කරන්නේ නම් මැතිවරණයට පෙර මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ජාජබ විසින් ප්‍රකාශයට පත්කළ යුතුව බව මුස්ලිම් කාන්තාවන් ලෙස අප දැඩිව කියා සිටිමු. එසේ නොවන්නේ නම් ජාජබ රජය මුස්ලිම් කාන්තාවන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉදිරිපත් නොවන රජයක් ලෙස දැකීම හැරෙන්නට අපට වෙනත් විකල්පයක් නොමැත.
අපගේ අපේක්ෂාවවූයේ ජාජාබ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකරමින්, කාන්තාවන්, දරුවන් හා ආන්තිකවූවන්ට වෙනස්කොට සලකන සියලු නීති සංශෝධනය කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ට සමාන ලෙස සලකනු ඇති බවයි. අප ජනාධිපතිතුමන් වෙත ඡන්දය ලබාදුන්නේ එකී අපේක්ෂාවන් පෙරදැරිව ය.
පසුගිය වසර 40 පුරාවටම, අපගේ අදහස් සැලකිල්ලට ගනිමින් හා කාන්තාවන් හා දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රමුඛත්වයේ ලා සලකමින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට මැදිහත්වීමට සියලු දේශපාලන පක්ෂ අසමත්ව තිබේ. මෙම නීතියේ අනතර්ගත ගැඹුරටම මුල් විහිද ඇති පක්ෂපාතීන්වයන් සම්බන්ධයෙන් පියවර ගැනීම නොසලකා හරිමින් ජාජබ ද අනෙක් පක්ෂවල මාවතම තෝරා ගන්නේනම් එය හුදෙක් මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගරාගැනීම කෙරෙහි මිස සැබෑ වෙනසක් ඇති කිරීමේ වුවමනාවක් නොමැති පක්ෂයක් ලෙසද ජනතාව වෙත අනාවරය වනු ඇත. එයින් පැදිලිවම කියාපානු ඇත්තේ පෙර සිටි සියලු පක්ෂ මෙන්ම ජාජබ ද මුස්ලිම් කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන බවයි.
අත්සන් කළේ
Endorsed by:
Individuals:
1. Nabeela Iqbal, Sisterhood Initiative, Kotte
2. Fawzul Himaya Hareed, Sisterhood Initiative, Kandy
3. Piyumi Wattuhewa, Sisterhood Initiative, Kiribathgoda
4. Angela Forman, Sisterhood Initiative, Colombo
5. Aqilah Nikhat Naleem, Sisterhood Initiative, Colombo
6. Samiha Mohamed Muhsin, Sisterhood Initiative, Kandy
7. Sumaiya Frahath ,Sisterhood Initiative , Matale
8. Muqaddasa Abdul Wahid, Sisterhood Initiative, Colombo
9. Shifa Najumudeen, Sisterhood Initiative, Matale
10. Amani Raji, Sisterhood Initiative, Colombo
11. Hafsah Muheed, Dehiwala
12. M. A. R Suhaina, Mount Lavinia
13. Shafna Faizer , Dehiwala
14. Naafia Sarifodeen ,Colombo
15. Humaira Akram , Kolonnawa
16. Mohamed Yaseen Minnathul Suheera
17. Abdul Cader Fathima Husna
18. Mohamed Haniffa Jiffriya
19. Sainulabdeen Janeeta
20. G. Rifa Mohamed Musthaffa
21. Abdul Majeed Fathima Murshitha
22. Yoosuf Rinoza
23. Mohamed Sitheeque Fathima Hani Zakkira
24. Bathusha Faroosa
25. Mohamed Caseem Hajara
26. K. Nihal Ahamed
27. M. I. Mohamed Hassan. Puttalam
28. M. S. M. Shazmi. Jaffna
29. A. M. Anfaz. Negombo
30. M. N. M. Muja. Puttalam
31. Bisliya Bhutto, Former Member of Puttalam Pradeshiya Sabha and Social Activist
32. Fathima Amra. Batticaloa
33. Fathima Bisriya. Jaffna
34. Fawzul Rifaya. Puttalam
35. Raseena Thawfeek. Puttalam
36. Fathima Fiyasa. Puttalam
37. Mujeeba Mujeeb. Puttalam
38. Fuad Faroosa. Colombo
39. Fathima Ilma. Puttalam
40. Fathima Risana. Puttalam
41. Sakina Mansoorally, Sisterhood Initiative, Colombo
42. Ahsan Afthar, Paragahadeniya
43. As Buhary Mohamed, Batticoloa, Human Rights Activist
44. S L M. Israth Ali, Ampara, Social activist
45. Jawahir Muhammadu Farhan,Batticoloa, Human Rights Activist
46. Cadar Basha Shaifun, Social activists and Researcher, Ampara
47. M. C. M. Meerasahibu, Manager RDF, Husainiyapuram Puttalam
48. Abdul Ramees, Husainiyapuram Social Activist. Puttalam
49. Fasildeen Muflik, Social Activist, Sooduventhepulavu, Vavuniya
50. Nasar Mohamed Kaffel, Social Activist, Pattanichchoor Vavuniya
51. Bavurtheen Mohamed Basrin, Social Activist, Moor Street, Mannar.
52. Mohamed Baseer Mohamed Safras, Palaviya Social Activist
53. Abdul Salam Mohamed Nafees, Teacher Puttalam
54. Zahira Ismail, Social Activist, Ampara
55. A. P. M. Nafeel, Teacher, Puttalam
56. Mohammad ismail maseen, Teacher, kanamoolai
57. Kalanther Lebbe Fathima Zahrath (LLB), Addalaichenai, Intern-at Human
Rights Commission of SriLanka
58. Kalanther Lebbe Fathima Zakeenath, Addalaichenai, LLB Undergraduate at
University of Jaffna
59. Kalanther Lebbe Fathima Nafla, Addalaichenai, Development Officer at Ak.AL
Muneera Girls High School
60. Zumana Ziyad, Pandura
61. Mihar Misbah, Paragahadeniya
62. Maideen pichai Sahul Hameed, Moulavi Addalaichenai
63. Kaleeullah Thasneema, Former member of pradesiya saba, Social activist and
researcher Musali, Mannar
64. Arisha Ahmath, Behaviour Therapist, Puttalam
65. Lafeer Sana, Moulaviya, (Sumaya ladies arabic college), Rahmaniya, kinniya
66. M. A. M. Anfas, Ukuwela
67. K. P. Rifkhan, Kalpitiya
68. Ishfaque M - Puttalam
69. M. S. M. Zahir, Sainthamarudhu
70. M. A. M. Aadhil, Paragahadeniya
71. Shydhah Zaara Nizamudeen, Batticaloa, Human Rights Activist
72. Mohamed Fareed, Batticoloa, Social Worker
73. A R Janusa, BA Undergraduate at university of Peradeniya,Trincomalee
(kanthela) Inter-at Human Rights trainer commission of Sri Lanka
74. Fathima Nuzaifa Nazeer, Ampara district, Human rights activist
75. Abdul Rauf Rasim Ahamed,Batticoloa, Eravur. Human Rights Researcher
76. M. I. M. Ijlal, Trincomalee, Human Rights Documentary Creator
77. A R Janusa, BA Undergraduate at university of Peradeniya , Trincomalee
kanthela
78. Ismayil Aaysha banu, Puttalam, Bachelor of Social Work Undergraduate at
NISD, Researcher & Social Activist
79. Sadhique Mohamed Ihsan,Trincomalee, Minority Rights Facilitator
80. Hameethu labbai mohemed farees, Trincomalee, Human Rights Trainer
81. R. Naska Pre school teacher, Peace Building Facilitator, Ampara
82. S.I.M.Nifras, Human Rights Journalist, Batticaloa
83. R. M. Shifan, Peace Building Facilitator, Trincomale
84. Murshith Mohamed, Ninthavur
85. A. F. Ramzaniya, Social Activist & Researcher,Puttalam
86. Sulaima lebbe Majitha Social Activist & Researcher, Vallaichenai
87. Akeela, Student, Kottaramulla
88. A. N. Aashiq Mohammed, Social Activist, Writer. At Humanity Sri Lanka.
89. Haizam Aminudeen, Social Activist, At Humanity Sri Lanka
90. Wahid Mohamed Ihmas, Social Activist, At Humanity Sri Lanka
91. Mohamed Shareef Mohamed Aaqeel, Social Activist, At Humanity Srilanka
92. Mazeena Bucker.Politician,Former MMC Member Moratuwa, Colombo
District.
93. Juwairiya mohideen - Muslim women's development trust
95. M.faheema bugum - Muslim women's development trust
96. H.F.Humaidha - Kalpity Road, aalanguda , eathali
97. Mrs.Habeeba - Muslim women's development trust
98. Nihla sahani- mullipuram , puttalam
99. N.F.Nasroon - kalpity Road , kandalkuda, Thalawila
100. Miss.sareeka - Muslim women's development trust
101. Mrs.Ramsiya -Thillayadi, puttalam
102. Mrs. Aska - kalpity Road, vellangarai ,pallivasathurai
103. Miss.Imani - Koththantheevu,palavi
104. Saheeka Banu - k.k.street,puttalam
105. Mrs.Risna -Mannar Road, 2m kattai, puttalam
106. M.F.Musarrath - kalpity Road , janavasal, eathalai
107. Faahima - koththantheevu , palavi
108. Mrs.Samama - puttalam Road , Bathuloya
109. Mrs.Nasrin - Thilalyadi, puttalam
110. A.Lamika - Social Activists - Mullaitivu
111. A.Lamsiya - Social Activists - Mullaitivu
112. Jumana - Women Right Activists - Mullaitivu
113. Rasika - Women Right Activists - Mullaitivu
114. A.S.Naseera - Social Activists - Mullaitivu
115. M.Janusa - Women Right Activists - Mullaitivu
116. N.Nuskiya - Social Activists - Mullaitivu
117. S.Zainab - Social Activists - Mullaitivu
118. S.Anjitha - Social Activists - Mullaitivu
119. M.M.Jansila - Human Right Activists - Mullaitivu
120. K. Hafsa - Social Activists - Mullaitivu
121. A. Hasal - Social Activists - Mullaitivu
122. M. M. Noorul Ismiya, Member of Mediation Board and social Activist.
Trincomalee
123. M. Fathima Nazreen, Attorney At-Low, Trincomalee
124. Kaila Nona Rasool, Para journalist, Trincomalee
125. M.Mihraj Mubaahshira, Moulaviya(R.H.G.A College), Kinniya - 03
126. A.B.Fathima Maureen, Trained Teacher , Trincomalee
127. Fakeeha Rizamdeen, Primary Teacher, Muthur
128. Sathakku Nasiyathummah, President- Eastern Province United Women's
Organization, Kinniya
129. M.S.Siththy Aarifa, Vice Secretary, Community Centre, Trincomalee
130. A. Sahana Thasneem, Youth peace Advocate, Kinniya 3
131. Shreen Saroor, Human Rights Activist
132 Nadhiha Abbas Lawyer Puttalam
133. S A.Firthous
134. M. L S. Nihara
135. Aneesa Firthous Human Rights Activist
Civil Society Organizations:
1. Eastern Social Development Foundation
2. Humanity Sri Lanka
3. Muslim Women's Development Trust – Puttalam
4. Puttalam District Women's Self-employment and Coexistence Forum
5. Stand Up Movement
6. Human Elevation Organization Ampara
7. Sisterhood Initiative
8. Mannar Women's Development Federation
9. Suriya Women's Development Centre
10. Vallamai Movement for Social Change Jaffna
11. Nisha Development Centre Mullitheevu
12. Aalumai Women's Team Mullitheevu
13. Sangami Wome’s Network Batticaloa
14. Affected Women's Forum Ampara
15. Centre for Human Rights and Development
16. Islamic Women's Association for Research and Empowerment
17. Rural Development Foundation
18. Women's Action Network