සෞඛ්‍ය වෘත්තීයවේදීන් සටනට

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සටනට

අභිනව රජයේ මංගල අයවැය යෝජනා හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා කප්පාදුවට එරෙහි සංඛේත වෘත්තීය ක්‍රියාමාර්ගය මාර්තු 06 දින ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, උක්ත කරුණට අදාලව පසුගිය 2024.02.24 වන සඳුදා දින ගරු සෞඛ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අභිනව රජයේ මංගල අයවැය හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා 1/30 සහ 1/200 දක්වා අඩු කිරීමේ ගැටළුව අප විසින් පෙන්වා දුන් බවත්, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශය සමඟ මෙම ගැටළුව විසඳීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් එම විසඳුම ලබා දීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටි බවත් ඔබගේ අවධානයට ලක් කරමු.

ඒ අනූව උක්ත එකඟතාවය අදාල සතියක කාලය ඉදිරි 2025.03.03 වැනි දින ඉක්මවා යන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙන අතරම මේ වන විට රජය මෙම ගැටළුවට අදාලව විසඳුම් සපයා ගැනීමේ ක්‍රියාවලියට එළඹී ඇතැයි විශ්වාස කරමු. එබැවින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස ඊට අදාල විසඳුම කුමක්ද යන්න දැන ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වෙමු.

ඒ අනූව 2025.03.04 සහ 05 යන දින දෙක තුලදී ඊට අදාල විසඳුම කුමක්ද යන්න අප වෙත ලිඛිතව හෝ වෙනත් නිල ක්‍රමවේදයක් හරහා ලබා දීමට කටයුතු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර සාධනීය ප්‍රතිචාර නොලැබෙන්නේ නම් අකමැත්තෙන් හෝ 2025.03.06 වන දින පෙ.ව. 8.00 සිට පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කල බවත් පෙන්වා දෙමු.