ගම්පහ රෝහලේ සෞඛ්‍ය වෘත්තිකයින් අඛණ්ඩව ක්‍රියාත්මකයි

mlt-stricke

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරීන්ට හදිසියේම අද උදෑසන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලු රාජකාරී වලින් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මෙම වර්ධන ක්‍රියාමාර්ගය හදිසියේ ආරම්භ කිරීමට සිදුවූයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා අද උදෑසන රාජකාරියට පැමිණි ස්ථාන මාරු නියෝග නිකුත් කළ නිලධාරීන් සියලු දෙනාට පැමිණීමේ අත්සන් ලේඛනයේ අත්සන් නොකරන ලෙසට ලබා දී තිබූ ලිඛිත නියෝගයයි.

බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක ඊයේ දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ දිනය තුළ කිසිදු රෝහලක ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලහත්කාරී ක්‍රියාවක් සිදු නොකිරීම හේතුවෙන් ආරම්භ නොකෙරුණු අතර අපි පූර්ව ප්‍රකාශයේ සිදු කළපරිදිම ස්ථාන මාරු නියෝග බලහත්කාරී ලෙස සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමාට ඉල්ලීම් කළ අතර බස්හිර පළාත් සෞඛ්‍ය සේවා ආධ්‍යක්‍ෂවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් පලාත තුල රෝහල්වල සේවා කටයුතු මේ ආකාරයෙන් බිඳ වැටීමට නියමිත බව අප අදාළ සියලු පාර්ශ්වයන් මේ වන විටත් දැනුවත් කොට ඇත.

අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට දිනයේ සිට සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇත.

| චානක ධර්මවික්‍රම

ප්‍රධාන ලේකම්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය