සංවර්ධන නිලධාරින් අද (29) අසනීපයි - JDOC

සංවර්ධන නිලධාරින් අද (29) අසනීපයි - JDOC

වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් අප්‍රේල් 29 දින අසනීප නිවාඩු වාර්තා කරන බව  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් ලිපියක් යවමින් දන්වා සිටියි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වනවිට පවතින ආර්ථික අර්බද හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් මතුව ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. විශේෂයෙන් අයවැයෙන් ඉල්ලූ රුපියල් 20000ක අවම වැටුප් වැඩිවීම හෝ ආණ්ඩුව ලබාදුන්නේ නැත.

02. මේ අතර විවිධ සේවාවන් වලට විවිධ ආකාරයෙන් වැටුප් හා දීමනා වැඩි කරමින් සිටී. ඒ අනුව දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව ආණ්ඩුව ද පිළිගෙන ඇත.

03. එසේම ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදෙන කාර්යාල දීමනා වසර ගණනාවකින් වැඩිවී නැත. අවම ලිපි ද්‍රව්‍ය ලබාගැනීම සඳහා කිසිදු දීමනාවක් ලබානොදේ. කිසිදු දීමනාවක් නොලබා ආර්ථික සංවර්ධන නිලධාරීන් තවමත් වසම් වල වැඩබැලීම කරනු ලබයි.

04. මේ තත්වය හමුවේ තවදුරටත් නිහඬව බලා සිටිය නොහැක. ඒ අනුව පහත ඉල්ලීම් මුල්කරගෙන අප්‍රේල් මස 29 දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව දැනුම්දෙමු

  • සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 10000කි දිරි දීමනාවක් ලබාගැනීම
  • ක්ෂේත්‍ර නිලධාරීන්ට පරිපාලන වියදමෙන් 1/3ක් ලබාගැනීම
  • කාර්යාල දීමනා වැඩිකර ගැනීම හා ලිපි ද්‍රව්‍ය දීමනාවක් ලබාගැනීම
  • විශ්‍රාම වැටුප කප්පාදු කිරීමේ යෝජනාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලීම
  • බදු බර, බඩු මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙස ඉල්ලීම