ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), වාහන ආදායම් බලපත්‍ර පද්ධතියක් තාවකාලික ක්‍රියා විරහිත වී ඇති බව ජනතාවට සහ අදාළ බලධාරීන්ට දැනුම් දුන් බව ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රියා සිටී.
එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, 25 ජුලි මස තුන්වන දින සිටියේ ඇති වූ තාක්ෂණික යටිතල පහසුකම් ගැටලුවක් හේතුවෙන් වාහනය ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා අත්හිටුවා ඇත මෙම සේවාවන් 2025 ජූලි මාස 09 වන දින දක්වා අක්‍රීයව පවතින පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම බාධාව හේතුවෙන් පුරවැසියන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳව (ICTA) ආයතනය අවංකව කණගාටුව පළ කරන අතර හැකි ඉක්මනින් පද්ධතියේ යථා තත්ත්වයට පත් කිරීමට අපගේ කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බව සහතික කරයි.
ප්‍රගතියත් සමඟ යාවත කාලීන කිරීම් ලබා දෙනු ඇති අතර, සේවාවන් නැවත ආරම්භ වූ වහාම නිල නිවේදනයක් නිකුත් කරන ලැබේ.
නිකුත් කලේ - ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)
2025 ජූලි මස 6 වැනිදා