ජාත්‍යන්තර කම්කරු සංවිධනය විසින් පවත්වන ජගත් කම්කරු සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී (02) දින අරම්භ වුණා.
වාර්ෂිකව සංවිධාන කරන මෙම සමුළුවේ 113වැනි සැසිවාරය මෙයයි.
ලොව පුරා සාමාජික රටවල් 187ක විෂයභාර මැති ඇමතිවරුන්, කම්කරු නායකයින් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගි වනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී වී සිටින්නේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ,කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක්.
වැඩ ලෝකයේ දීර්ඝ කාලීන බලපෑම් සිදු කරන පුළුල් පරාසයක පැතිරුණු ගැටළු රැසක් මෙවර සමුළුවේදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.
ඒ අනුව වැඩබිමේදී ජීව විද්‍යාත්මක උපද්‍රව වලින් ආරක්ෂා වීම, අවිධිමත්භාවය මැඩපැවැත්වීම සහ විධිමත් වැඩ ප්‍රවර්ධනය කිරීම සඳහා නවමු ප්‍රවේශයන්, 2025 දී සමාජ සංවර්ධනය සඳහා වූ දෙවන ලෝක සමුළුවට ත්‍රෛපාර්ශ්වික දායකත්වය, සමුද්‍රීය කම්කරු සම්මුතිය සඳහා වූ වෙනස්කම් ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම ජගත් කම්කරු සමුළුව ලබන 12වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.