නොවැම්බර් 01 සිට ලාංකිකයින්ට එක්සත් රාජධානියට යන්න වරම්

නොවැම්බර් 01 සිට ලාංකිකයින්ට එක්සත් රාජධානියට යන්න වරම්

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාර තහනමක් ක්‍රියාත්මක වූ අවසන් රටවල් 7ට ද එක්සත් රාජධානිය විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ඉක්වදෝරය, ඩොමිනිකන් ජනරජය,කොලොම්බියාව, පේරු, පැනමාව, හයිටි සහ වෙනිසියුලාව යන රටවලින් පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ද බ්‍රිතාන්‍යය විවෘතව තිබෙනවා.

කෙසේවෙතත් වසංගතය නැවත උත්සන්න වුව හොත් රටවල් එක් කිරීම සඳහා සංචාර රතු ලැයිස්තුව තවදුරටත් පවත්වා ගැනීමටයි බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය රජය විසින් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිගන්නා රටවල් ලැයිස්තුව ද පුළුල් කර ඇති අතර, මේ වන විට එම ලැයිස්තුවට රටවල් 135ක් ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ නොවැම්බර් පළමු වැනි දා සිටයි.