කොන්සියුලර් සේවා ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

කොන්සියුලර් සේවා ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

විදේශ අමාත්‍යාංශයෙන් සපයනු ලබන කොන්සියුලර් සේවා පිළිබඳව විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ

විවිධ සහතික/ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා  රටේ විවිධ ප්‍රදේශවලින් සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක්  විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට වර්තමානයේ දී පැමිණේ. මෙම අංශය විසින් නිලධාරීන්ගේ සම්පූර්ණ ධාරිතාව යොදා ගනිමින් සේවාවන් සපයනු ලබන අතර, එහි පූර්ණ ධාරිතාව තුළින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ පද්ධතිය (e-DAS) හරහා සහතික/ලේඛන සත්‍යාපනය කරනු ලැබේ. තම සත්‍යාපන කටයුතු සඳහා වැඩ කරන දිනවල පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා කොන්සියුලර් කටයුතු අංශය වෙත පැමිණෙන ලෙස කොන්සියුලර් කටයුතු අංශය සේවා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීම වැළැක්වීම සඳහා මෙන්ම කොන්සියුලර් කටයුතු අංශය අසළ මහජන රැස්වීම අවම කිරීම සඳහා, දිගු පෝලිම්වල නොසිට කාල වේලාවක් වෙන් කොට තම සේවා ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට පහසුකම් සැලසෙන http://consular.mfa.gov.lk/ONLINEBOOKING සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කර ගැනීමට සේවා අපේක්ෂකයන් උනන්දු කෙරේ.

කොන්සියුලර් සේවා ලබා ගැනීම සඳහා මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන නගරවල පිහිටි ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ද සේවා අපේක්ෂකයන් උනන්දු කෙරේ. පහත තොරතුරු ඔස්සේ එම කාර්යාල සමඟ සම්බන්ධ විය හැකි ය.

  • මාතර- අනගාරික ධර්මපාල මාවත, පඹුරන, මාතර, දුර- 041-2226697 / විද්‍යුත් ලිපිනය: Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
  • යාපනය- යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දුර- 021 2215972 / විද්‍යුත් ලිපිනය: Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
  • මහනුවර- මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, ගැටඹේ, දුර- 081 2384410 / විද්‍යුත් ලිපිනය:  Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser. 
  • කුරුණෑගල- පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, දුර- 037 2225931 / විද්‍යුත් ලිපිනය: Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
  • ත්‍රිකුණාමලය- ප්‍රධාන ලේකම් කාර්යාලය, දුර- 026 2223186 / විද්‍යුත් ලිපිනය: Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.

විවිධ කොන්සියුලර් සේවා සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත දුරකතන අංක  ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ වන්න.

සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය:

  • දුර - 2338812/7711194 / විද්‍යුත් ලිපිනය - Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser. 
  • විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ: 2338836/3136715
  • විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම:  2437635/7101193
  • අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 2338837
  • විදේශීය ශ්‍රී ලාංකික අංශය: 2338847
  • විවිධ කටයුතු අංශය: 2338843
  • වෙනත් අංශය: 2335942