වසර 55කට පසු රත්මලාන ගුවන්තොට අද සිට ජාත්‍යන්තරයට

වසර 55කට පසු රත්මලාන ගුවන්තොට අද සිට ජාත්‍යන්තරයට

රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපලින් අද (27) දිනයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

වසර 55කට පසුව රත්මලාන ගුවන්තොටින් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වීම මෙහි සුවිශේෂීත්වයයි.

මාලදිවයින් ගුවන් සමාගමක් හා ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් එලෙස නැවතත් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපළ කාලසටහන් ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමරිකානු ඩොලර් 60ක් වූ අපගමන බද්දෙන් ඇමරිකානු ඩොලර් 30ක මුදලක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අඩු වියදම් ගුවන් ගමන් සඳහා නව ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ ඉයවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.