පැය 10ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්

පැය 10ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්
දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනය කර තිබේ.
 
එම හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ බරපතළ අවදානමක් පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
 

එමෙන්ම හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කලේපවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන් මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බවයි.