ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආදායමක් උපයන කඳුරට දමිළ ප්‍රජාව ඇගයීමට කැබිනට් යෝජනාවක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආදායමක් උපයන කඳුරට දමිළ ප්‍රජාව ඇගයීමට කැබිනට් යෝජනාවක්

2023 පෙබරවාරි වන විට කඳුරට දමිළ ප්‍රජාවගේ මුල් පරපුර ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රජයේ ආයතන හා එක්ව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කර ගනිමින් හඳුනාගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත වී ඇත.

එම කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  “මෙරටට සංක්‍රමණය වූ කඳුරට දමිළ ප්‍රජාව මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ජීවත් වන අතර ඔවුන් විවිධ අයුරින් ජාතික ආර්ථිකයට සිය දායකත්වය දක්වනු ලබයි. ඔවුන්ගේ දායකත්වය වැවිලි ක්ෂේත්‍රයේ මුළු ආදායමින් 1/3ක් පමණ වේ.

2023 පෙබරවාරි වන විට කඳුරට දමිළ ප්‍රජාවගේ මුල් පරපුර ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රජයේ ආයතන හා එක්ව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කර ගනිමින් හඳුනාගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.“