දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් අද (10) දොළහට පෙර සේවයට නාවොත් ගෙදර

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් අද (10) දොළහට පෙර සේවයට නාවොත් ගෙදර

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා ඔවුන්ට සහාය දක්වමින් දුම්රිය පාලකවරුන් ආරම්භ කරන ලද වර්ජනයට එක්ව සිටින වර්ජකයින්ට අද (10) දින දහවල් 12.00ට පෙර සේවයට වාර්තා නොකළ හොත් සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අවසන් නිවේදනයක් නිකුත් කර ඇත.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කර තිබියදී මෙම වැඩ වර්ජන කරන සියලු සේවකයින් සේවය අතහැර ගිය ලෙස සලකන බව මීට පෙරද දන්වා තිබිණි.

සැබැඳි පුවත්