මර්ධනයට ආවොත් අඛණ්ඩ වර්ජනයක් - දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් පිළිතුරු

මර්ධනයට ආවොත් අඛණ්ඩ වර්ජනයක් - දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් පිළිතුරු

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනයට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කළ ලිපියට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් පිළිතුරු යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ක ඇත්තේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඍජුව බලපාන ගැටලු වලට 2024 ජුනි මස 25 දිනට පෙර ලබාදුන් වාචික පොරොන්දුව ඉටු නොවීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවූ බවයි.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති ගැසට් පත්‍රයට මුවාවෙමින් දුම්රිය වෘත්තීය සමිති මර්ධනයට හෝ බියවැද්දීමට ක්‍රියා කරන්නේ නම් අනෙකුත් වෘත්තීය සමිති ඒකරාශි කරගනිමින් අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත්