දුම්රිය වර්ජනය සාර්ථකයි - වැඩ වර්ජිතයින්ට රජයෙන් රතු එළි

දුම්රිය වර්ජනය සාර්ථකයි - වැඩ වර්ජිතයින්ට රජයෙන් රතු එළි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනයට සහාය දක්වමින් දුම්රිය පාලකවරුන්ද මෙම වර්ජනයට එක්වන බව නිවේදනය කර ඇත.

අද (10) උදෑසන වන විට දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත්, දුරදිග ගමන් හා අනෙකුත් දුම්රියන් සියල්ල අවලංගු වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී  (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.