වර්ජනයෙන් රාජ්‍ය ආයතන හා පැසල්වලට දැඩි බලපෑම්

වර්ජනයෙන් රාජ්‍ය ආයතන හා පැසල්වලට දැඩි බලපෑම්

රාජ්‍ය නිලධාරින් රුපියල් 20,000කින් වැටුප් වැඩි කිරීමක් හා විධායක නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25,000 දීමනාවට සමාන දීමනාවක් අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ද ලබා දෙන ලෙසට බල කරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන අසනීප නිවාඩු වාර්තා කිරීමේ (08-09) දෙදින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන හිස්ව පැවැතිණි.

මෙම වර්ජනය සහායදීම වශයෙන් (09) දින ගරු-විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමෙන් පාසල් පද්ධතියටද විශාල ලෙස බලපෑමක් සිදුවිය.

මෙම වර්ජනය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට හා සිසුන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

මේ අතර වර්ජනයට නොකළ රාජ්‍ය නිලධාරින්ට වැටුප් වර්ධක හා උසස්වීම් ලබාදීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

සබැඳි පුවත්