සේවා ස්ථානයේ ප්‍රචණ්ඩත්වයට සහ හිරිහැර වලට එරෙහි ක්‍190 සම්මුතිය සම්මත කරගන්නට පෙළ ගැසෙමු

c-190

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව බොහෝ සේවා ස්ථානවල වැඩි වශයෙන් කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට ගොදුරු වේ.

රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල සේවය කරන කාන්තාවන් ආයතන හිමියා, ප්‍රධාන පාලකයන්, තත්ත්ව පාලකයන්, මෙන්ම වැඩ කරන සහෝදර සේවකයින් වෙතින්ද නිරන්තරව වාචික, මානසික හිරිහැර, හිංසන වලට කාන්තා සේවිකාවන් ලක්වුවද ඒවා ඉවසා දරා සිටින්නේ විශේෂයෙන්ම රැකියාව අහිමි වේ යැයි යන බිය නිසා ඒවා ඔප්පු කිරීමේ නොහැකියාව නිසා මෙන්ම නීතිය හරියට ක්‍රියාත්මක නොවන නිසාය.

ඒ වගේම ආකල්ප අතින් තවමත් නොදියුණු අප රටේ සංස්කෘතික කාන්තාව ද මේවා දරා සිටින්නේ කිසිවකු හෝ දැනගතහොත් තමා ලැජ්ජාවට පත්වේ ය යන හැඟීමෙන්. ලොව පුරාම බරපතල ගැටලුවක් වන මෙය වර්තමාන සමාජ ප්‍රගමනයට ඔහුගේ ඇයගේ ගෞරවයට හානිදායක සේම සේවා ස්ථානයේ තෘප්තිමත් සේවකයකු දැකීමට නොහැකි වීම යන කාරණා මේ හරහා ඉස්මතු කරයි.

කොවිඩ් 19 වසංගත සමයේ ඇති වූ සමාජ ආර්ථික තත්ත්වයන් තුළින් කාන්තාවන් සහ ගෑනු දරුවන් ඉතා දරුණු ලෙස හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක් වූ බවට මෑත ඉතිහාසය සාක්ෂි දරයි.

නමුත් කායික මානසික හිංසන සඳහා ඔප්පු කල හැකි සාක්‍ෂි නොමැති නිසාත් යම් අතවරයක් මත පොලිසියට පැමිණිලි කළ ද ප්‍රතිඵල රහිත වනවා පමණක් නොව පොලිසියේදී අතවරයට ලක් වූ අය තවත් වරක් අතවරයට ලක්වන බව ද පැවසෙන්නේ තැනින් තැනට තැන තැන සිටින නිලධාරීන්ට මේවා පවසන්නට සිදුවන බැවින් සහ නීතියේ මේවා ඔප්පු කරන්නට සාක්ෂි නොමැති වීම නිසාවෙනි.

යම්කිසි සේවකයෙක් සේවයේ යෙදෙන සේවා ස්ථානවලදී අංශ ප්‍රධානීන් ඉල්ලා සිටින නිෂ්පාදන ඉලක්ක සපුරාලන්නට නොහැකි වූ විට අත් වැරැද්දක් සිදු වූ විට ඉවසා දරා ගත නොහැකි තරමේ ඇනුම් බැනුම් වලට සේවකයන් ලක්කිරීම ඔවුන්ට කතා කරන තත්වය මානසික හිංසනයක් ලෙස ගත හැකි බව සේවකයන් දන්නේ නැත. ඒ නිසාම මේවා ඉවසා දරා ගත නොහැකි සමහර සේවකයින් තම ජීවිතයම කඩා වැටීම හේතුවෙන් සිය දිවි නසා ගත් අවස්ථාද ඇත. මෙවැනි හිංසන ඕනෑම තැනක සිදුවිය හැකියි. නිවසේදී, සේවා ස්ථානයේදී, පොදු ප්‍රවාහනයේදී, සමාජ මාධ්‍යයේ දී පමණක් නොව පොදු වැසිකිලියේදී පවා සිදුවිය හැකිය.

මේවාට නිශ්චිත නීති රෙගුලාසි නැතිකමෙන් ලෝක තත්ත්වය තේරුම් ගත් එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානයේ ෂඛධ තාක්ෂණික සමුළුවේදී 2019 වර්ෂයේ ජිනීවා නුවරදී ක්‍190 සම්මුතිය සම්මත කරන ලදී.

එහි වැදගත්කම අවබෝධ කර ගත් ලෝකයේ රටවල් හතළිස් අටක් මෙය අනුමත කර ඇති අතර දකුණු ආසියාවේ කිසිදු රටක් තවමත් මෙය අනුමත කර නැත. දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව මෙය අනුමත කළහොත් එය ලොකයේ ගෞරවාදරය ලබන ප්‍රථම දකුණු ආසියානු රට වනවාට පමණක් නොව සියලු දෙනාට විශේෂයෙන් කාන්තාවන්ට ගැහැණු දරුවන්ට දැරියන්ට ගෞරවාන්විත මනසකින් යුතුව තම කාර්යයන් ඉටු කරන්නටත් පාලකයාට තෘප්තිමත් සතුටින් යුතුව කාර්යයන් ඉටු කරන සේවකයන්ගේ අත් දකින්නටත් හැකි වනවා නොඅනුමානය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හිංසනය පිටු දකිනවා යනු යහපත් සේවා තත්ත්වයන් හා සුරක්ෂිත රැකියා වටපිටාවක් ඇතිවීමය’ ඒ තුළින් පාලකයා ද සේවකයාද යන දෙදෙනාම සුරක්ෂිත වනු ඇත. එබැවින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත සිදුවන කායික මානසික, වාචික, ආර්ථික හිංසන වළක්වා ගැනීම සඳහා ක්‍190 සම්මුතිය සම්මත කරගැනීමට අපි සැම එක්වෙමු.

සටහන - චන්ද්‍රා දේවනාරායන