පුහුණුව අවසන් සංවර්ධන නිලධාරින්ගෙන් විරෝධතා මාලාවක්

පුහුණුව අවසන් සංවර්ධන නිලධාරින්ගෙන් විරෝධතා මාලාවක්

2019  වසරේ බඳවාගත් දැනට පුහුණුව අවසන් කොට මාස 04ක් ගතවී ඇති ඇති අභ්‍යාසලාභී උපාධිධාරින් 14283 ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් පළාත් සභා ඉදිරිපිට නිහඩ විරෝධතා මාළාවක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව පහත සඳහන් දිනයන්, වේලාවන් තුළ පළාත් සභා ඉදිරිපිට එම උද්ඝෝෂණ මාළාව දියත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

නොවැම්බර් 30 උදේ 10.00ට වයඹ පළාත් සභාව කුරුණෑගල

දෙසැම්බර් 01 - උදේ 10.00ට සබරගමුව පළාත් සභාව ඉදිරිපිට - රත්නපුර

දෙසැම්බර් 02- උදේ 10.00ට උතුරුමැද පළාත් සභාව ඉදිරිපිට - අනුරාධපුර

දෙසැම්බර් 03 - උදේ 10.00ට ඌව පළාත් සභාව ඉදිරිපිට - බදුල්ල

දෙසැම්බර් 08 - උදේ 10.00ට දකුණ පළාත් සභාව ඉදිරිපිට - ගාල්ල

දෙසැම්බර් 10 - උදේ 10.00ට බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට - කොළඹ (බත්තරමුල්ල)

දෙසැම්බර් 14 - උදේ 10.00ට නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට - ත්‍රීකුණාමලය

දෙසැම්බර් 15 - උදේ 10.00ට උතුර පළාත් සභාව ඉදිරිපිට - යාපනය

වැඩබිම