අභ්‍යාසලාභී උපාධිධාරින්ගේ ගැටළු විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

අභ්‍යාසලාභී උපාධිධාරින්ගේ ගැටළු විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

2020/2021 බඳවාගත් පුහුණු අභ්‍යාසලාභී ගැටලූ සම්බන්ධව ඒවා නිරාකරණය විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ලිපියක් යවමින් ඉල්ලා ඇත.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ,

වසර ගණනාවක් පුරා උපාධිධාරීන් ගෙන ගිය අරගලය තුළ ඔබතුමා ලබාදුන් පොරොන්දුව මත ඔබතුමා විසින් 2020 පෙබරවාරි මස 5 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මේ වනවිට උපාධිධාරීන් 51692 ක් රැකියාලාභී අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ඇත. ඒ 2020 සැප්තැම්බර් 2 දින 43616ක් සහ 2021 පෙබරවාරි මස 8076ක් වශයෙනි. ඒ අනුව උපාධිධාරීන් 60000ක් රැකියාගත කර නැති අතර තවත් ඒ සඳහා පුරප්පාඩු 8308ක් පවතී.

අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව අනුමැතිය හිමි වූයේ
1. සෑම පාසලකම නායකත්ව විෂය 6 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සහ එම විෂය ඉගැන්වීම
02. දිස්ති‍්‍රක්ක මට්ටමින් වසරක පුහුණු කාලයකට යටත්ව පහත දැක්වෙන ආයතන යටතේ බ`දවා ගැනීම
I. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය
II. වාර්මාර්ග දෙපාර්තමේන්තුව
III. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව
IV. වනජීවී දෙපාර්තමේන්තුව
V. දේශීය අයුර්වේද දෙපාර්තමේන්තුව
VI. සෞඛ්‍ය අමාත්‍යාංශය
VII. මිනින්දොරු දෙපාර්තමේන්තුව
VIII. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
IX. සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව
X. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
XI. තක්සේරු දෙපාර්තමේන්තුව
XII. ආගමන - විගමන දෙපාර්තමේන්තුව යනුවෙන් දක්වා ඇත.

02. මේ අනුව උපාධිධාරීන් බඳවා ගැනීමේදී අයඳුම්පත් කැදෙව්වේ දෙපාර්තමේන්තු 11ක් සඳහා බව අප කවුරුත් දනිමු. 2020 මාර්තු මස පත්වීම් ලබාදීමේ කඩිනම් නාඩගම අවසන් වූයේ මැකොස හරහා පත්වීම් තාවකාලිකව නවතා ලීමත් සමගිනි. ඔබතුමා ඒ දිනවල රාජ්‍ය ආයතන වෙත කඩා පනිමින් අඩුපාඩු සොයද්දී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වූ ජනාධිපති ලේකම් කාර්යාලය අමතක විය. ඒ අනුව ගැසට් පත‍්‍රයේ සිට ගැටලූ ගණනාවක් මතු වූ අතර මාර්තු රැකියා ලද විශාල පිරිසක් සැප්තැම්බර් පත්වීම් ලබාදීමේදී අසාධාරණ ලෙස කපා හරින් ලදී. ඊට එරෙහිව ගොඩනැගුණු දැවැන්ත විරෝධය ද සමග තවත් උපාධිධාරීන් 10000ත් බඳවා ගැනීමට තීරණය කළද එය ද නිසිපරිදි සිදු වූයේ නැත.

03. මේ අතර මාර්තු 2 පත්වීම් සියල්ල අහෝසි කොට අලූතින්ම සැප්තැම්බර් 2 උපාධිධාරීන් බඳවා ගන්නා ලදී. ඒ අවස්ථාවේ උපාධිධාරීන් 500000කට පත්වීම් ලබාදුන් අතර අසාර්ථක නායකත්ව පුහුණු ආදී වැඩපිළිවෙළවල් නිසා උපාධිධාරීන් 6384ක් ඉවත් වී ඇත. එය සු`එපටු කාරණයක් නොවන බව අපගේ විශ්වාසයයි.

04. මේ අතර 2019 වසරේ රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පුහුණු කාලය වසර අවසන් කොට මාස 7ක් ඉක්මවාත් ස්ථිර කොට නැත. එම කණ්ඩායම ස්ථිර කරනුයේ දී 2021 ජනවාරි 1 දිනට වන අතර ඒ අනුව ඔවුන්ගේ මාස 5ක සේවා කාලය අහිමි වී ඇත. ඒ අනුව උපාධිධාරීන්ට රැකියා දීමේ දී ආණ්ඩු දක්වන නොසැලකිල්ල බරපතළ වේ.

05. මේ අතර රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ අනුව බඳවා ගන්නා සැම මාස 6න් ස්ථිර කරන අතර දීමනාව 22500කි. උපාධිධාරී පුහුණුව වසරකි. මාසික දීමනාව 20000කි. ඊට අමතරව ආණ්ඩුව තම දේශපාලන හිතවත්කම් පාවිච්චි කරමින් ලබාදෙන රැකියා ස්ථිර පත්වීම්ය. පුහුණු නැත. අතපසුවීම් නැත. මේ තත්වය මත පෙනීයන්නේ උපාධිධාරීන් වසර ගණනක් තිස්සේ අරගල කරන නිසා රැකියා දෙනවා විනා නිශ්චිත වැඩපිළිවෙළක් තුළ රැකියා නොදෙන බවයි. විශේෂයෙන් රැකියා සඳහා අයඳුම් කිරීමේ දී ග‍්‍රාම සේවක සහ ප‍්‍රාදේශීය ලේකම්ගේ අත්සන් ලබාගැනීමේ යෝජනා පවා ප‍්‍රශ්නකාරීය.

06. දැන් පුහුණුව සඳහා බඳවාගත් උපාධිධාරීන් දෙසට හැරෙමු. අප හමුදාව ලවා කඳවුරු තුළ ලබාදෙන පුහුණුවට විරුද්ධ වූවා විනා සමස්ත පුහුණු කි‍්‍රයාවලියටම විරුද්ධ වූයේ ද නැත. නමුත් මේ වනවිට කෙරෝනා පිට දමා සියලූ පුහුණු නවතා ඇත. ඉතා අවිධිමත්ව සහ නොසැලකිලිමත්ව උපාධිධාරීන් වසම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පාසල්වෙත අනුයුක්ත කර ඇත. ඔවුන්ට අවම පුහුණු ක‍්‍රමවේදයක් හෝ නොමැත. කාර්යාලවල ඉඩකඩ සීමිත බැවින් අතට හසුවන වැඩ සඳහා මෙම උපාධිධාරීන් යොදවනු පෙනේ. විශේෂයෙන් පාසල්වෙත අනුයුක්ත කළ උපාධිධාරීන් ගැටලූ ගණනාවකට මුහුණ පා ඇත. ඔවුන්ට පවතින ගැටලූ ඉදිරිපත් කිරීමට පවා ව්‍යූහයක් නැත. මේ අතර විවිධ වැඩසටන්වලට ඉරිදා සහ සෙනසුරාදා ආදී නිවාඩු දිනවල කැඳවීම් දක්නට ඇත. උදාහරණයක් ලෙස මාර්තු 6 සෙනසුරාදා පැවැත්වෙන වෙරළ සංරක්ෂණ වැඩසටහනක් සඳහා පානදුර යුධ හමුදා මූලස්ථානය අසලට පෙරවරු 8ට පැමිණෙන ලෙස පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත පුහුණු උපාධිධාරීන්ට දැනුම් දී ඇත. මේ කුමන පුහුණුවක් ද? කාගේ හයියක් ද? මේ එකකි. තවත් එවැනි තොරතුරු ඇත. ඒ අනුව බඳවාගත් සමස්ත උපාධිධාරීන්ට අදාළ වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් හෝ දිස්ති‍්‍රක් මට්ටමින් හෝ නැත. උපාධිධාරීන්ට රැකියාව එපාවන තැනට ඇද දමමින් ඇත. එය බරපතළ ය. වැඩපිළිවෙළක් නැත්නම් දැන් හෝ වැඩපිළිවෙළක් සැකසිය යුතුය. උපාධිධාරීන් යනු එක එක දේශපාලකයන්ට කත් ඇදි පිරිසක් නොව මේ රටේ උගත් සාරය යි.

07. මේ තත්වය පිළිබඳව කඩිනමින් සමාලෝචනයක් කර පහත ඉල්ලීම් සම්බන්ධ සලකා බලන ලෙසත් මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු. තවදුරටත් මේ පිළිබඳව අවධානය යොමුනොකට කටයුතු කරන්නේම් රැකියා ලබාගැනීමට කළ අරගලයට නොදෙවෙනි අරගලයකට 51000ක් වන අභ්‍යාසලාභී උපාධිධාරීන් සමග ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන් පසුබට නොවන බව ද මතක් කර සිටිමු. තවද ඔබතුමාගේ අත්සනින් ම 2020පෙබරවාරි මස 5 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය නැවත බලන මෙන් අවධාරණය කරමු.

ඉල්ලීම්

  • අයඳුම්පත් කැඳවූ දෙපාර්තමේන්තු වෙත අනුයුක්ත කරනු!
  • 2020 මාර්තු 2 පත්වීම් දිනය සේ සලකා (2020 සැප්තැම්බර් 2 බඳවාගත් උපාධිධාරීන්) වසර සපුරණ 2021 මාර්තු 2 දිනට ස්ථිර කරනු, කල්යන්නේනම් බැක්ඬේට් (පෙරදාතම) කරනු!
  • අත්තනෝමතික ලෙස කප්පාදු කළ ප‍්‍රසූත නිවාඩු කාලය යළි ලබාදෙනු!
  • අනුයුක්ත කිරීම් විධිමත්ව හා විනිවිද පෙනෙන ආකාරයට කරනු, අනුයුක්ත කිරීමේදී සැමට පොදු, ගැලපෙන රාජකාරී ලැයිස්තුවක් ලබාදෙනු!
  • ගුරු පත්වීම් ලබාදීම ආදී යෝජනා ‘‘සංදර්ශන’’ ලෙස පමණක් නොගෙන, නිවැරදිව හා විධිමත්ව කි‍්‍රයාවට නගනු!
  • මාසික දීමනාව විධිමත්ව එකම දිනක ලබාදෙනු!
  • සැමට පොදු වැඩපිළිවෙළක් තුළ නිශ්චිත පුහුණුවක් ලබාදෙනු!