සෞඛ්‍ය අංශයේ දීමනා අර්බුදය විසඳීමට දීමනාවක්

සෞඛ්‍ය අංශයේ දීමනා අර්බුදය විසඳීමට දීමනාවක්

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩිකිරීම හේතුවෙන් ඇතිවූ අර්බුදය විසඳීම සඳහා කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ලෙස රු. 7500/= දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා වාත්තිය සමිති කමිටුවේ එකඟතාවය ලබාගැනීම සඳහා පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවෙන් පසු ඇතිවන එකඟතාවය මත මෙම දීමනාවට එකඟවනවාද, නැද්ද යන්න තීරණයකට එළඹේන බව රවී කුමුදේස් මහතා වැඩබිමට පැවැසීය.