අද ගුරු - විදුහල්පති වර්ජනයක්

mahajana-awadi-sabawa

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව නිමිති කරගෙන හෙට (10) පැවැත්වෙන දීප ව්‍යාප්ත වැඩවර්ජනය සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට ජාතික අවදි සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවක් (09) දින බත්තරමුල්ලේදී පැවැත්විනි. ජාතික අවදි සභාවේ මහලේකම් පාඨශාලාචාර්ය බෝසෙත් කළහෙපතිරණ මහතා, ගුරුමග සංවිධානයේ නියෝජිත නිරෝෂන් දැඩිගමුව මහතා සහ ජාතික විදුහල්පති එකමුතුවේ ප්‍රධාන ලේකම් තාරක වානගුරු මහතා සහභාගීවූ මේ මාධ්‍ය හමුවේදී ඵලකර අදහස් පහතින් දැක්වේ.

ජාතික අවදි සභාවේ මහලේකම් පාඨශාලාචාර්ය බෝසෙත් කළහෙපතිරණ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, මේ රජයට ගුරු සම්බන්ධව තියෙන ගැටලූ විසඳීමට උවමනාවක් නෑ. රජය කරන්න ගුරු සේවය  හෑල්ලුවට ලක් කරනවා.සුබෝධනී කමිටුවෙන් යම් විසඳුම් මාලාවක් ආවා. වැටුප් විෂමතා වෙන තුනෙන් එකක් දෙන්න යෝජනාවක් ආවා. මේ සටන දියත් කරලා දැනට මාස එකහමාරක් වෙනවා.මේ කොරෝනා වසංගතය එක්ක මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ගේ ධනය බලය එක්රැස් කරගැනීම .

ගුරුවරු දැන් පාසල් ඇවිල්ල තියෙනවා. අපි දරුවන් කැක්කුමක් ආදරයක් ඇතිවයි වැඩ කරන්නේ. ගුරු සටන මර්දනය කරන්න මේ රජය පහත්  වැඩ ක්‍රියාත්මක කරනවා. අපේ ගුරු සටන දේශපාලන  ප්‍රහාරවලින් වලින් මේ ගුරු සටන  නැති කරන්න බෑ.ගුරුවරු පාසලට ආවා .දැන් දෙමව්පියෝ තමයි ගුරුවරු වෙනුවෙන් දරුවන් නැතුව විරෝධතාවය පල කරනවා.

මේ මොහොතේත් මානැල්ල අධ්‍යාපන කලාප කාර්යාල හරහා සියලුම පාසල්වල ගුරු අරගලය සක්‍රීයව සිදුවෙනවා. හෙට රටපුරා සියලුම ගුරුවරුන් පාගමනක් යනවා. රජයට තවමත් සාධාරණ පිළිතුරක් දුන්නේ නෑ. මේකෙන් වෙන්නේ ඉදිරියේදී ගුරු ගුරු ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ නැතිවෙන එකයි.

නිදහස් අධ්‍යාපනය මෙතුවක් කල් ආරක්ෂා වුනේ ගුරුවරුන්ගේ කැපවීම නිසා. ඒ නිසා ගුරුවරු පීඩාවට පත්කරලා නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න දෙන්න එපා. අද වනවිට ගුරු-විදුහල්පති වෘත්තීය අරගලයට මේ රටේ සියලුම ක්ෂේත්‍රයන් ඒකාබද්ධ වෙන්න හදනවා. ඒකෙන්ම තහවුරු වෙනවා අපේ .සටන සාධාරණය නිසා .

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ජාතික ප්‍රශ්නයක්. මෙවර අය වැයෙන් අනිවාර්යෙන්ම නිශ්චිත විසඳුමක් මේ ගුරු ගැටලුවට ලබා දෙන්න ඕන .වරින් වර ආණ්ඩුවට මේ සම්බන්ධව දැනුවත් කරත්, ආණ්ඩුවෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නෑ.කැබිනට් අනුකමිටුවේ ගත් තීරණය මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ නිසා ජාතියේ දරුවන් බිල්ලට තියන්න එපා කියලා අපි මේ ආණ්ඩුවට ප්‍රකාශ කරනවා.

ගුරුමග සංවිධානයේ නියෝජිත නිරෝෂන් දැඩිගමුව මහතා අදහස් දක්වමින් කියාසිටියේ,  පසුගිය දවසේ අපි දැක්කා මේ ආණ්ඩුව නින්දිත විදිහට ගෝල්ෆේස් පිට්ටනියෙ  ගුරුවරුන්ගේ  ඇඳුම් ඇරෙන්න  දුරකථන වගේ සියලුම දේවල් පොලිසියෙන් මංකොල්ල කෑවා. ගුරුවරුන්ගේ වතුර බෝතලය, බෑග් එක,දුරකථනය මංකොල්ල කන පොලිසියක් දැන් ඉන්නේ. මේ අරගලය ආරම්භයක් විතරයි.ඒක විප්ලවයක් වෙන්න වැඩි ඈතක් නෑ . මේ ආණ්ඩුවට ගැතිකම් කියන වහල්ලුන්ගේ මිදෙන පරපුරක් හදන්න ක්‍රියා කරනවා.පාසලට කඩා වැදිලා ගුරුවරුන්ට පහර දෙන්න තරම් දේශපාලකයන්ට බලයක් කොහෙන්ද?.

අපි ආදරණීය ජනතාවට කියනවා ගුරුවරුන්ට පහර දෙන පහරදෙන පහර දීම තමයි ඉදිරියේදී ජනතාවට ලැබෙන්නේ.තමන්ගේ සමාගම් වලට බදු සහන ලබා දෙනවා. ගුරුවරුන්ගේ අරගලය නිසා දන්නෑ මේ ආණ්ඩුවටත් කොන්ද පණ නෑ. 69 ලක්ෂය ගේ ඡන්දය දැන් දෝර ගලා ගිහින් තියෙන්නේ. ජනාධිපතිතුමාට සුදු කරපටි කාර්යයන්ට ඕනි තරම් සාකච්ඡා දෙන අතරේ ගුරුවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්න බැරි ඇයි? අගමැතිතුමා සාකච්ඡාවක් දුන්නත් වැඩක්වුනේ නෑ. ඒ නිසා අපි පාලකයන්ට අනතුරු අඟවනවා “හෙට දවසේ ගුරුවරු එනවා ඔය බලකොටු වටලන්න” කියලා.