මේක පතෝල අයවැයක්

මේක පතෝල අයවැයක්

"අයවැයෙන් වැඩි කරන්නවත් අඩු කරන්නවත් දෙයක් තිබුණෙ නෑ. එදාවේල හොයාගෙන කන ජනතාවට මොකක්ද ලැබුණ සහනය ? කොටින්ම කියනවා නම් පතෝල අයවැයක් බවට තමයි මේක පත්වෙලා තියෙන්නෙ. මේ මන්ත්‍රීවරුන්ට ගම සමග පිළිසඳර කතා කරන්න යන්න අවස්ථාවක් ලැබෙයිද, ජනතාව මොවුන්ට ගහලා එළවයිද කියන එක තමයි අපට තියෙන සැකය" යයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය.

එහිදි මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන්ට තනතුරු පමණක් නොව මුළු ලංකාවම බාර දුන්නත් තමන්ගේ කටවහන්න කිසිකෙනෙකුට බැරි බවයි.