ගුරු වැටුප් සම්බන්ධයෙන් විශේෂ සිහිපත් කිරීමක්!

ගුරු වැටුප් සම්බන්ධයෙන් විශේෂ සිහිපත් කිරීමක්!
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ගුරු සේවය සඳහා ක්‍රියාත්මක වන වැටුප් ක්‍රමවේදයට අනුව පිරිවෙන් ගුරුවරුන් සඳහා ද වැටුප් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
 
අදාළ වැටප් සංශෝධනය සඳහා පිරිවෙන් ගුරුවරුන් අදාළ කරගෙන නොතිබූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. 
 
ඒ් අනුව අදාළ පාර්ශව සමග පැවති සාකච්ඡාවකදී වැටුප් සංශෝධනය සඳහා පිරිවෙන් ගුරුවරුන් ද ඇතුළත් කිරීමට එකඟවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සැකසීම යන මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
 
එම අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් පසු පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය ජනවාරි මස හිඟ වැටුප් ද සමග පෙබරවාරි මස සිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිෙව්දනය කරයි.