ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව මාතර කාන්තාවෝ වීදි බසිති

ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව මාතර කාන්තාවෝ වීදි බසිති
ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව මාතර කාන්තාවෝ අද දිනයේ (24) මාතර නගර මධ්‍යේ විරෝධතාවයක නිරත විය.
 
සවිස්ත්‍රී කාන්තා සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ අතර වැඩි වී ඇති ජීවන වියදම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට ලක්ව ඇත්තේ කාන්තාවන් බවත් එම නිසා රජය ඒ පිළිබඳව වහා අවධානය යොමු කල යුතුබවත් එහිදී ඔවුන් සඳහන් කළේය.
 
මේ සඳහා මාතර, දෙවිනුවර, ගන්දර, වැලිගම ආදී ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ රැසක් සහභාගිවූ අතර පැයක පමණ කාලයක් ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.