සෞඛ්‍ය සේවාව කළමනාකරණය වෙනුවට සීමා කිරීම ඇරඹේ

සෞඛ්‍ය සේවාව කළමනාකරණය වෙනුවට සීමා කිරීම ඇරඹේ

රෝහල් රැසක අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාල ප්‍රතිපාදන සපයා ගැනීමට නොහැකිවීම, ණය නොගෙවීම හේතුවෙන් පෞද්ගලික සමාගම් විසින් සැපයුම් අත් හිටුවීම, අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිකාර, අපේක්ෂා පරික්ෂණ සිදු කිරීමට නොහැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු කළමනාකරණ උපදේශයක් පවා නොලැබෙන තත්ත්වයක් යටතේ ඇතැම් රෝහල් අධ්‍යක්ෂක වරුන් රෝහල් තුල ස්වයං තීරණ ගනිමින් සේවාවන් සීමා කිරීම, ශල්‍ය කර්ම නැවැත්වීම සදහා උපදෙස් දී ඇත.

ඉහත ලිපිය පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් පවතින තත්ත්වය හමුවේ, සාමාන්‍ය ශල්‍යකර්ම නතර කරන ලෙස එම රෝහලේ විශේෂඥ වෛද්‍ය නිළධාරීන් අමතා ලබා දෙන ලද ලිඛිත නියෝගයකි.

අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින යතාර්ථය  සැගවීම හා දේශපාලන රැකවරණය වෙනුවට, පවතින   සැබෑ තත්වය හෙලි දරව් කරමින්, වඩා සුදුසු කළමනාකරණ ක්‍රමවේදයක්  අනුගමනය කිරීමට ඉදිරිපත් නොවිමින්,  දීර්ග කාලයක් තිස්සේ අනතුර දැක දැක මග හැර සිටීම, පවතින අර්බුධය දෙගුණ, තෙගුණ කිරීමට හේතු වී ඇත.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය