ජනදුක නිවන මේ අරගලයට අපි සහාය දෙනවා

ජනදුක නිවන මේ අරගලයට අපි සහාය දෙනවා

වැඩකරන ජනතාවගේ අයිතීන් සුරකින, මේ පීඩනයෙන් මිදෙන ජනතා අරගලයට තමන් එකතු වන බව නිදහස් වෙළඳ කළාප මුල්කරගෙන කටයුතු කරන රෙඩ් සංවිධානය හා ස්ත්‍රී මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා.

කම්කරු අයිතීන් ඇතුළු සියලුම මනුෂ්‍ය අයිතීන් සුරකින දූෂණය, මර්ධනය, සූරාකෑම අවම කලහැකි, මානව හිමිකම් ගරු කරන, ස්වාධීන දේශපාලන නායකයෙක් පත්කර ගැනීම සදහා පෙල ගැසෙන ඕනෑම කණ්ඩායමකට සහය දක්වන ලෙස RED අපි අපගේ සාමාජිකයන් නිදහස් වෙළඳ කලාප ඇතුළු සියලුම කම්කරුවන් දැනුවත් කරන බවය.

ස්ත්‍රි මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුලුමනින්ම කඩා වැටී ඇති අවස්ථාවක, එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය කරන්නාවු අත්‍යවශ්‍ය භාණ්ඩ වන භූමිතෙල් ගෑස්, ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි ඉල්ලා ජනතාව පාරට බැසීම ඉතාම සාධාරණ මෙන්ම ඔවුනට ඇති අයිතියකි. මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟකම නිසා පීඩනයට පත් ජනතාව තම ඉල්ලීම් දිනා ගැනීම උදෙසා සංවිධානය වීම ආණ්ඩුව විසින් හුදු දේශපාලන වාසි තකා මර්ධනය කර එය යටපත් කිරිම ස්ත්‍රි මධ්‍යස්ථානය කම්කරු කාන්තා සංවිධානයක් ලෙස හෙලා දකින අතර, ප්‍රචණ්ඩත්වය මුද හැරීමද හෙළා දකින්නෙමු .

දැවෙන ප්‍රශ්න වන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරිමත්, වහාම සහන ජනතවට ලබා දෙන ලෙසත්, ඉල්ලමින් කරන උද්ඝෝෂණ වලට අපගේ සහාය පල කරන බවත්ය.