වැඩවර්ජනයේ නියුතු කම්කරුවෝ ද ගෝල්ෆේස් අරගල බිමට

වැඩවර්ජනයේ නියුතු කම්කරුවෝ ද ගෝල්ෆේස් අරගල බිමට

අද (28) දිවයින පුරා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, අවිධිමත් සහ වතු කම්කරු යන සියලූ ම අංශ නියෝජනය කරන කම්කරු ප්‍රජාව ම වත්මන් ජන පීඩක පවුල් පාලනයට එරෙහිව එක් දින සංකේත වැඩවර්ජනයක් දියත් කළේ ය. ඒ දැනට මාසයකට ආසන්න කාලයක් පුරාවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් මහජනතාවගෙන් නැග එන විරෝධයට සමගාමීව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දියත් කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙසට ය. එලෙස ම දිස්ත්‍රික්ක විසි පහ ම ආවරණය වන පරිදි නගරවල කම්කරුවන් රැස්ව උද්ඝෝෂණයන් ද පැවැත්වී ය. මෙහි ප්‍රධාන උද්ඝෝෂණය විරෝධතා පා ගමනක් ආකාරයෙන් අද දහවල් කොළඹ කොටුව දුම් රිය ස්ථානය අසලින් ආරම්භ වී කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කොට කොම්පඤ්ඤවීදිය පොලීසිය අසලින් නැවත හැරී ගාලුමුවදොර ගෝඨාගෝගම වෙත පැමිණියේ ය. මේ සඳහා විශාල රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, අවිධිමත් අංශ නියෝජනය කරන කම්කරුවන් විශාල පිරිසක් රැස්ව සිටිය හ.

DSCF6577

ගාළුමුවදොර අරගල භූමිය වෙත පැමිණි වෘත්තීය සමිති සහ බහු ජන සංවිධාන නියෝජනය කරන කම්කරු ප්‍රජාව අරගල භූමියෙහි වූ තරුණ පිරිස් විසින් ඉමහත් ශක්තියක් කොට පිළිගත් අතර, කම්කරු නායකයින රැස්ව සිටි කම්කරුවන් සහ විරෝධතා කරුවන් අමතා කතා කළ හ.
DSCF6593

DSCF6678

මෙහි දී කම්කරු නායකයින් ප්‍රකාශ කළේ මෑත ඉතිහාසයේ වඩාත් ම සාර්ථක වැඩවර්ජනය අද දින ක්‍රියාතමක කිරීමට මෙරට කම්කරු ජනතාව කටයුතු කළ අතර, මෙකී ශක්තිය කිසි සේත් ම පාලකයන්ට සුළු කොට තැකිය නොහැකි මහ බලයක් වන බවයි. එලෙස ම මේ මොහොතේ ජන අරගලයේ ජයග්‍රහණය තෙක් ගෙනයාම කෙරෙහි වෘත්තීය සමිති සහ බහු ජන සංවිධාන  එකමුතුව හා එක්ව ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්, ශ්‍රී ලංකා පරිපාලන සේවය වැනි අංශයන් ද ඉතිහාසයේ මුල් ම වතාවට ඒකරාශී වී සිටීම රාජපක්ෂ පාලනය පෙරලා දැමීම නියතයක් බවට පසක් කරන බව කම්කරු නායකයෝ පිරිස අමතා කීහ. තව ද අද දින මෙම සංකේත වැඩවර්ජනය යනු ආණ්ඩුවට ගෙදර යාමට කියන සංඥාවක් බවත් එය ගණනට නොගන්නේ නම් ඉදිරියේ දී දරුණු වෘත්තීය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදු වන බව ද වෘත්තීය සමිති නායකයෝ කියා සිටිය හ.
11

22
-ප්‍රොටෙක්ට් සංගමය-