නිදහස් වෙළඳ කලාපයේ මරා දැමු රොෂේන් චානක ගෝඨාගෝගමදී සිහිකරයි

නිදහස් වෙළඳ කලාපයේ මරා දැමු රොෂේන් චානක ගෝඨාගෝගමදී සිහිකරයි

නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සේවක අර්ථ සාධකය රැක ගැනීමේ අරගලයේදී පොලිස් වෙඩි පහරින් මරා දැමුණු කම්කරුවකු වූ රොෂාන් චානක අනුස්මරණය කිරීමේ වැඩසටහනක් (01) දින 'ගෝඨාගෝගම' දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

2011 වසරේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කම්කරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට කැරලි මර්දන පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක රත්නසේකර මරා දැමිණි.

රජයේ හමුදාවන්ගේ දැඩි රැකවල් මැද, රොෂේන් ගේ අවසන් කටයුතු ඔහුගේ උපන් ගම වන මිනුවන්ගොඩ, ගල්ලොලුවේදී පැවති අතර ප්‍රදේශයේ දේශපාලඥයන් වූ ප්‍රසන්න රණතුංග සහ මර්වින් සිල්වා මැදිහත්ව සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුව වෙත එල්ලවෙන ජනතා කෝපය මැඩපැවැත්වීමටයි.

මෙම අනුස්මරණ වැඩසටහන සඳහා පියතුමන්ලා, කන්‍ය සොහොයුරියන් , ස්ටෑන්ඩ් අප් කම්කරු සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, ශ්‍රමාභිමාණි කේන්ද්‍රය, ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

(ඡායාරූප ස්තුතිය - අශීලා දන්දෙණිය)