ආණ්ඩුවේ අසමත් හා අත්තනෝමතික පාලනය හමුවේ වැඩකරන පංතිය අර්බුදයක

ආණ්ඩුවේ අසමත් හා අත්තනෝමතික පාලනය හමුවේ වැඩකරන පංතිය අර්බුදයක

ආණ්ඩුවේ අසමත් සහ අත්තනෝමතික පාලනය හමුවේ ධීවර සහ ගොවීන් ඇතුළු වැඩකරන පංතිය මුහුණ දෙමින් සිටින ගැටළු වලට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගම් ශාලාවේ දී පැවැත්විණි.

4

එසේම ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස, සාමකාමී අරගලයේ නියුතු පිරිස් මර්දනය කිරීම සහ ක්‍රියාකාරීන් අතඩංගුවට ගැනීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. එසේම ඉන්ධන ඇතුළු අනෙකුත් අර්බූදයන් නිසා ධීවරයන්ට තම ධීවර කටයුතු වලට සිදුව ඇති බාධාවන් සහ ඒ නිසා මතුව ඇති ආර්ථික අපහසුතා පිළිබඳවද සාකච්ඡා කරන ලදී. ධීවර, ගොවි, වතු, ඇඟළුම් ක්ෂ්‍රේත්‍ර තුළ ද සංවිධාන කටයුතු පුළුල් කර අනෙකුත් ක්ෂ්‍රේත්‍රයන් සමග එක්ව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව පුළුල් කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා විය. මේ වන විට උතුරු නැගෙනහිර ඇතුළු සියළු පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික් කමිටු හරහා ගෝඨාභය ගෙදර යැවීමට, ගෝඨා රනිල් කුමන්ත්‍රණය පැරදවීම සහ ජනතාවට වගකියන ජනතාවගේ පාලනයක් ගොඩ නගා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරන බව වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

1

2

3