රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැටුප් ගෙවීමේ අර්බුදයක්

රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැටුප් ගෙවීමේ අර්බුදයක්

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, සේවක වැටුප් ගෙවීමට භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමේදී පිළිගත හැකි සාධාරණී කරණයක් එම සංදේශය ට ඇතුළත් කළ යුතු බවටත් ජනමාධ්‍ය අමාත්යංශය විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානි වෙත ලිඛිතව දැනුම්දී ඇත.

ඒ අමාත්‍යංශයේ සංවර්ධන, සැලසුම් හා තොරතුරු අතිරේක ලේකම් ටී.එම්.එස්.බී.  ජයසුන්දරගේ අත්සනින් යුතුවය.

එහිදී අදාළ ආයතනය සම්බන්ධයෙන් පහත කරුණු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

  • 2022 වර්ෂය සඳහා ව්‍යාපාර  සැලැස්ම.
  • වර්තමාන සේවක සංයුතිය හා අත්‍යවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනා ගැනීම.
  • සේවක විශ්‍රාම ගැනීම හා ස්වෙච්චා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් (VRS) හඳුන්වා දීම.
  • මූලික වැටුපෙන් අඩක් ගෙවා නිදහස් කල හැකි සේවකයන් හඳුනා ගැනීම.
  • අවම සේවක සංඛ්‍යාවක් පවත්වා ගැනීම සඳහා සුදුසු ක්‍රමවේද හඳුනා ගැනීම.
  • වැටුප් සඳහා සමස්ත මාසික වියදම.
  • වියදම් පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග.
  • මෙම ක්‍රියාමාර්ග සහ එමඟින් කොපමණ ප්‍රගතියක් ඉතිරිකර ගැනීමට පියවර ගෙන තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව (නිෂ්පාදන වියදම්, විදුලිය, අතිකාල දීමනා,.... ආදිය)
  • ආදායම වැඩි කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග.

 

PHOTO 2022 06 06 14 03 09

(the leader)