රාජ්‍ය සේවකයන්ට හදිසියේම දැනුම් දීමක්!

රාජ්‍ය සේවකයන්ට හදිසියේම දැනුම් දීමක්!
රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට  අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
 
රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේ ප්‍රවාහන ගැටළු, මෙන්ම පරිපාලන වියදම් අවම කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව හෙතෙම පෙන්වාදෙයි.
 
මීට පෙරාතුව රාජ්‍ය සේවකයින් සතියකට දින 3ක් පමණක් සේවය කිරීම සෑහෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කෙරිණි.
 
එසේ වුවද, ඒ් ඒ් ආයතනවල සේවා අවශ්‍යතාව මෙන්ම ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ අනුව ඉතිරි දින දෙක නිවසේ සිට රාජකාරිය කළ යුතු බවට ඉල්ලීම් කෙරුණි.
 
එහෙත් ඉකුත් කොවිඩ් කාලයේ සිදුකෙරුණු පරිද්දෙන් නිවසේ සිට රාජකාරි සේවා සිදුකිරීමට අදාළව එකී සේවය ගණනය කිරීමේ ක්‍රමවේදයක් සහිතව වැඩපිළිවෙළක් නිශ්චිතව සකස් වූ බවක් දක්නට නොලැබෙයි.
 
අමාත්‍යවරයා කියා සිටින්නේ මේ අනුව නිවසේ සිට රාජකාරි කිරීමට අදාළව නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි.