හමුදා මධ්‍යස්ථානවලින් තෙල් දෙන්නේ තෝරාගත් අයට පමණක්ද ? - රවි කුමුදේස්

හමුදා මධ්‍යස්ථානවලින් තෙල් දෙන්නේ තෝරාගත් අයට පමණක්ද ? - රවි කුමුදේස්

තෝරාගත් වෘත්තීය කණ්ඩායමකට පමණක් හමුදා මධ්‍යස්ථානවල ඉන්ධන සැපයීම, සෞඛ්‍ය සේවාව වසා දැමීමට සදහා සිදුකරන මෙහෙයුමක්!

වෛද්‍ය නිළධාරීන් සදහා පමණක් හමුදා මධ්‍යස්ථාන වල ඉන්ධන සැපයීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඉහල පාර්ශවයන් අතර සිදු වී ඇත. සැපයුම් පද්ධතිය මුළුමනින්ම අඩාල වී ඇති සෞඛ්‍ය සේවාව මේවනවිටත් පවත්වා ගනිමින් සිටින්නේ සමස්ත සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ සමගිය, බැදීම හා කැපවීම මූලික කර ගනිමින් වන අතර, රජයේ උක්ත තීරණය හරහා සිදු කිරීමට අපේක්ෂා කරනු ඇත්තේ එම සාමූහිකත්වය බිද දමා, සෞඛ්‍ය සේවාව වසා දැමෙන තත්ත්වයකට පාර කපා ගැනීම විය හැකිය.

සැපයුම් පද්ධතිය අඩාල වීම හේතුවෙන් ඇතැම් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවා හකුලා දැමීමට සිදුවන යථාර්ථයකට අප එළඹ තිබෙන නමුත්, ඒ සදහා කල යුතුව ඇත්තේ, සත්කාර අංශයන්ගේ අත්‍යාවශ්‍යතාවය පෙල ගැස්සවීම මිස, වෘත්තීය මට්ටම් පෙල ගස්සවා විශේෂ සැලකිලි සිදු කිරීම නොවේ.

නිදසුනක් ලෙස ශල්‍යාගාරයක විශේෂඥ වෛද්‍යවරයා අත්‍යවශ්‍යම පුද්ගලයා වුවද, ශල්‍යාගාරයේ සමස්ථ කාර්‍යමණ්ඩලය නොමැතිව ශල්‍යකර්මයක් සිදු කිරීමට නොහැකිය. එබැවින් ශල්‍යකර්ම සදහා ප්‍රමුඛතාවය ලබා දෙන්නේනම්, ශල්‍යාගාරයේ සමස්ථ කාර්‍යමණ්ඩලය ප්‍රමුඛ විය යුතුය. එවන් අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කාර්යාල හා කළමනාකරණ කටයුතු වල නිරත වෛද්‍ය නිළධාරීන් සහ අනෙකු කාර්‍යමණ්ඩලය නිවසේ සිට සේවය කිරීමේ පදනමට යොමු කරවිය හැක. එසේම විකල්ප නැති සෞඛ්‍ය සේවාව වැඩි කාලයක් පවත්වා ගැනීමට අන් විකල්පයක් නොමැති තත්වය යටතේ ඇතැම් සෞඛ්‍ය අංශ සම්පූර්ණයෙන්ම වසා දැමීම පවා, අත්‍යවශ්‍ය සෞඛ්‍ය අංශ වැඩි කාලයක් පවත්වා ගැනීම සදහා ගනු ලබන වැදගත් තීන්දුවක් විය හැක.

පවතින අර්බුධයේ විද්‍යානූකූල බව එසේ වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය නිළධාරීන් හැමදාම සිදු කල අන්දමට, තමන්ගේ හැන්දෙන, තමන්ට බෙදා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහය මේ මොහොත තුලත් ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන බව මෙම සාකච්ඡා මගින් තහවුරු වේ.

කෙසේ නමුත් එවන් තිරණයක් හරහා සිදු විය හැක්කේ, එක් වෘත්තීය කණඩායම්ක් රාජකාරියට වාර්ථා කරවා ගැනීම සදහා, අනෙක් සියළුම වෘත්තීයන් ගෙදර නතර කරවීම බව අප අන්තුරු හඟවමු.

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය