ගුරු සංගම් විසඳුම් ඉල්ලුවා- ලැබුණේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අත්හිටුවීමක්

ගුරු සංගම් විසඳුම් ඉල්ලුවා- ලැබුණේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අත්හිටුවීමක්
ඉන්ධන අර්බුදය හේතුවෙන් අ.පො.ස(සා/පෙ) පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ රාජකාරි කටයුතු සඳහා යාමට බාධා පැමිණෙන බවත්, ඒ් සඳහා වහා විසඳුම් ලබාදෙන ලෙසත් ගුරු සංගම් විසින් දිගින් දිගටම ඉල්ලා සිටින ලදී.
 
පැය ගණණ් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම නිසා රාජකාරිය ඉටු කිරීමට හැකියාවක් නොමැති බවත්, ඇතැම් ප්‍රදේශවල ඉන්ධණ සම්පූර්ණයෙන්ම නොමැතිවීම නිසා බොහෝ දෙනෙකුට සහභාගිවීමට නොහැකි බව ගුරු සංගම් විසින් පෙන්වාදී තිබුණි.
 
අනෙක් අතට පොදු ප්‍රවාහනයද, මේවන විට දැඩි ලෙස අර්බුදයට ලක්ව ඇති බැවින් වහාම විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, ඒ් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගනු දක්නට නොලැබිණි.
 
මේ අතර පසුගිය 03 වෙනි දින සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කරන ගුරුවරුන්ට පරීක්‍ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා නිවේදනය කර තිබේ.
 
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සළසාගත නොහැකි බව ගුරුවරු ඇතුළු නිලධාරීන් දැනුම්දී ඇති බව කී ධර්මසේන මහතා ඒ හේතුවෙන් දෙවැනි අදියර සැළසුම් කර හෝ නොමැති බව ද සඳහන් කර ඇත.