දුම්රිය ධාවනාගාර සේවකයින්ගෙන් හදිසි වර්ජනයක්

දුම්රිය ධාවනාගාර සේවකයින්ගෙන් හදිසි වර්ජනයක්
කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.
 
දුම්රිය ධාවනාගාරවල සේවකයින් ඉන්ධන ඉල්ලා දුම්රිය එළියට ගැනීම සහ ඇතුළුකිරීම නතර කිරීමේ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දුම්රිය ධාවනය අඩාල වී තිබේ.
 
 කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත්වූ බව ද වාර්තා වේ. 
 
මේ අතර දෙමටගොඩ දුම්රිය අංගණයේ සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00 පමණ වන විට දුම්රිය ගමන්වාර 40 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
එම සේවයින් වර්ජනය අත්නොහැරිය හොත් රාත්‍රී 10.00 පමණ විට අවලංගු වන වන ගමන්වාර සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ යන බවත් රාත්‍රී වන විට වර්ජනය අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.