හැටන් ලංගම ඩිපෝ සේවකයින්ගෙන් වර්ජනයක්

හැටන් ලංගම ඩිපෝ සේවකයින්ගෙන් වර්ජනයක්
හැටන් ලංගම ඩිපෝවේ සියලුම සේවකයන් ඊයේ (08) දින දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මඟීන් දැඩි පීඩාවට පත් වී තිබේ.
 
හැටන් ලංගම ඩිපෝවේ සේවකයන්ට සේවයට පැමිණිම සඳහා පෙට්‍රල් ඉන්ධන ලබාදිමට වැඩපිළිවෙළක් දියත් කරන ලෙසට බලකරමින් එම ඩිපෝවේ සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
 
එම ඩිපෝවට අයත් ඊයේ දින උදැසන ධාවනය කල සියලුම බස් රථ දහවල් වන විට ඩිපෝව වෙත ගෙන්වා ගාල් කර තැබිමට ඩිපෝ පාලන අධිකාරිය කටයුතු කර ඇති බවට සඳහන්ය.
 

හැටන් ලංගම බස් නැවතුම්පොළ පවත්නා තත්ත්වය හේතුවෙන් බස් රථ නොමැතිව පාළුවට ගොස් ඇති අතර, ඩීසල්  ඉන්ධන තිබෙන පෞද්ගලික බස් රථ කිහිපයක් පමණක් කෙටිදුර ධාවනයට එක් කර තිබුණු බව වාර්තා වෙයි.